www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝයාවක් කුච්චවේලි වෙරළෙන් හමු වෙයි


2019-10-03 23:27:06 -  239 යි

ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇති බව නාවික හමුදාව පවසයි. 

නාවික හමුදාව විසින් ඊයේ(02) සිදු කරන ලද සෝදිසි කිරීමකදි පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝයාව හමුව තිබේ.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, කුච්චවේලි වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලදි.

සෝදිසි කිරිමකදි වෙරළට ආසන්නයේ මුහුදේ පාවෙමින් තිබු සැකකටයුතු බෝයාවක් නිරික්ෂනය කොට එය පරික්ෂා කිරීමේදි එහි සුරක්ෂිතව අසුරා තිබු විදුලි නොවන ඩෙටනේටර් 04ක්, ආරක‍්‍ෂිත වෙඩි නූල් 04ක් සහ  පුපුරණ  ද්‍රව්‍ය යැයි සැකකරන ග්‍රෑම් 60ක  ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන ඇත.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඉදිරි පරික්ෂණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරණු ලබයි.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com