www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජනාධිපති මැදිරිගිරියට එන්න කලින් කරපු සෝදිසියේදී ටී 56 ජිව උණ්ඩ තොගයක් සමග කඩුවක් හමුවෙයි


2019-10-03 11:05:01 -  232 යි

ජනාධිපතිතුමා ඊයේ (02 දින) පස්වරුවේ පැමිණිමට තිබූ මැදිරිගිරිය නව නගරයේ සරස්වතීදේවී පිරිවෙන ඉදිරිපිට වසා දමා තිබු වෙළදසැලක තිබි ටී 56 ගිනි අවි  ජිව උන්ඩ 121, පුචස් එකක් සහ කඩුවක් විශේෂ කාර්ය බළකාය කල සෝදිසි කිරිමකදී හමු බව මැදිරිගිරිය පොලිසිය පවසයි.  

මැදිරිගිරිය නව නගරයේ සරස්වතීදේවී පිරිවෙනහි රුපියල් ලක්ෂ 74ක වියදමින් ඉදිකරුණු දාන ශාලාව සහිත භික්ෂු නේවාසිකාගාරය සඟ සතු කොට පූජා කිරීමේ ඊයේ ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිමට නියමිතව තිබිණි. ජනපති පැමිණිම වෙනුවෙන් ඒ අවට විශේෂ සෝදිසි කිරිම් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන අවස්ථාවේ එම විහාරස්ථානය ඉදිරිපිට වසා දමා තිබූ වෙළදසැලක් පරික්ෂාවට ලක් කිරිමේ දි මෙම ටී 56 උණ්ඩ 121ත් පුචස් එකත් කඩුවත් එහි තිබු හමුව තිබේ. පසුව වහාම එම වෙළදසැලේ හිමිකරු සොයා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.   

එම වෙළදසැලේ හිමිකරු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  මැදිරිගිරිය කලාප කාර්යාලයට අනුයුක්තව සේවය කරන අයෙකි. ඔහු පවසා ඇතිතේ මිට වසර 15කට පෙර වැලිඔය ප්‍රදේශයේ  යුද හමුදාවත් සමග සේවය කරන අවශ්ථාවේ ලබා ගත් බවත් පසුව එය ගෙදර ගෙනවිත් තබා ගත් බවයි.

පොලිසිය මේ පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com