www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පුද්ගලයෙක් පැහැර ගනී


2019-09-19 13:39:29 -  222 යි

අද(19) උදැසන 6.00 පමණ බෙරලපනාතර සතිපොළ ආසන්නයේදී ව්‍යාපාරිකයෙකු සුදු වෑන් දෙකකින් පැමිණි පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි ඌරුබොක්ක පොලීසිය පවසයි.

මෙසේ පැහැරගැනීමට ලක්වී ඇත්තේ බෙරලපනාතර, දෙව්ලියවත්ත පාර ප්‍රදේශයේ පදිංචි සුරංග එදිරිසිංහ නමැති ව්‍යාපාරිකයෙකි.

ඔහු බෙරලපනාතර විවිධසේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකි.

ඔහු අද උදැසන දරුවන් පාසල වෙත අරලවීම සඳහා පැමිණි අවස්ථාවේදී බෙරලපනාතර සතිපොළ ආසන්නයේදී මෙම පැහැරගැනීම සිදුවී ඇත.

කොටපොල දෙස සිටි වැන් රථය ව්‍යාපාරිකයා පැහැරගෙන මාතර දෙසට ධාවනය කර ඇතැයි පොලීසිය පවසයි.

ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගිහාන් චමිලරාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්වති. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com