www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බිය නොවී වැඩ කරන්න අයිසිස් නායකයා අනුගාමිකයන්ට කියයි


2019-09-18 11:04:32 -  357 යි

 සිය අනුගාමිකයින්ට නොබියව මෙහෙයුම්වල යෙදෙන්නැයි ඉල්ලීමක් කරමින් අයිිසිස් නායක අබුබකර් බැග්ඩැඩි විසින් හඬපටයක් නිකුත් කර ඇත.
 
 මෙය නිකුත්ව ඇත්තේ පෙරේදා (16 දා) දිනයේය.
 
 ශ‍්‍රී ලංකාවේ පාස්කු ප‍්‍රහාරයෙන් පසුව මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් නිකුත් කළ බැග්ඩැඩි යළි කරළියට එන්නේ මෙම හඬපටය හරහාය.
 
 පසුගිය අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයෙන් පසුව ඔහු වීඩියෝ පටයක් නිකුත් කර තිබිණි. එම අබුබකර් වසර පහකට පසු කරළියට පැමිණි අවස්ථාවයි.
 
 සඳුදා නිකුත් කළ හඬපටය මගින් මේ ත‍්‍රස්ත නායකයා ප‍්‍රකාශ කර සිටින්නේ අත්අඩංගුවට පත්ව ඇති අයිසිස් සාමාජිකයින් මුදාගැනීම සඳහා වහා මෙහෙයුම් කළ යුතු බවයි.
 
 අබු බකර්ගේ හිස සඳහා ඩොලර් මිලියන 25 ක් ලබාදෙන බව ඇමරිකාව ප‍්‍රකාශ කර ඇත.
 
 2017 දී මොවුන්ගේ ඉස්ලාමික් රාජ්‍යය අහිමි වුවත් තැන තැන සැ`ගවී අයිිසිස් සාමාජිකයෝ සිිිරියාවේ හා ඉරාකයේ විටින් විට ප‍්‍රහාර එල්ල කරති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com