www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කිරි පිටි රු.20කින් නගී: ගෑස් රු.250කින් බහී: කිරි ප්‍රමිතිය ගැනත් සොයයි


2019-09-18 10:51:52 -  274 යි

කිරිපිටි මිල රුපියල් විස්සකින් වැඩි කිරීමටත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දෙසීය පනහකින් අඩු කිරීමටත් ජීවන වියදම් කමිටුව ඊයේ (17) වැනිදා තීරණය කර ඇත.

කිරිපිටි මිල ඉහළ නොදැමීම හේතුවෙන් කිරිපිටි ආනයනද නතර කිරීමට කිරිපිටි සමාගම් තීරණය කර තිබුණි. 

කිරිපිට මිල අවසන්වරට වැඩිකරනු ලැබුවේ පසුගිය අගෝස්තු මාසය.

කිරිපිටි සඳහා මිල සූත්‍රයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ අතර ජීවන වියදම් කමිටුව පසුගිය සතියේදී ඊටද අනුමැතිය ලබාදී තිබිණි.

කෙසේවුවද, කිරිපිටි මිල වැඩි කර ඇත්තේ මිල සූත්‍රයට අනුව නොවන බවද පැවසේ.

කිරිපිටි මිල වැඩි කිරීම සහ ගෑස් මිල අඩු කිරීම එකම දිනකදී ප්‍රකාශයට පත්කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇති බවද පැවසේ.

මේ අතර, මෙතෙක් කිරිපිටි ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවට වගකිවයුතු ආයතන කියා සිටියද, ඒ සම්බන්ධයෙන් පියවර නොගැනීම ගැන ඉදිරියේදී පාරිභෝගික අයිතීන් සුරකීමට ආරම්භ කර ඇති සංවිධාන එකමුතුවක් පියවර ගැනීමට සූදානම්වන බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com