www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මුලතිව් වලින් අලුත්ම LTTE කොඩි දෙකක් හා නිල ඇදුම් දෙකක් හමු වෙයි


2019-09-17 12:30:28 -  295 යි

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී 16 දා LTTE සංවිධානයේ ධජ දෙකක් හා  හා නිල ඇදුම් දෙකක් හමු වී තිබේ.

මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ වැසියෙකු සිය ඉඩම සුද්ධ කරමින් සිටියදී පොළොව යට වළලා තිබූ බෑගයකින් මේ  LTTE සංවිධානයේ ධජ දෙකක් හා  හා නිල ඇදුම් දෙකක් හමු වී තිබේ.

වහාම ඔහු මේපිළිබදව මුලතිව් පොලීසිය   දැණුවත් කිරීමෙන් පසුව පොලීසිය පැමිණ ඒවා පරීක්ෂණ කටයුතු සදහා රැගෙන ගොස් තිබේ.

මෙම   LTTE නිල ඇදුම් හා ධජ හමු වූ පුද්ගලය පවසන්නේ ඒවා පැරණි හෝ දිරාගිය හෝ ඉරී පලුදු වී නොගිය අලුත්ම ඒවා බවයි.

මුලතිව් පොලීසිය පැවසුවේ මේ නිල ඇදුම් දෙක හා ධජ දෙක මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරණ බවයි.

වවුනියාව- රසාදි චතුරංගි ගමගේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com