www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කාන්තාවකගේ වෙස් ගෙන අනියම් බිරිඳ බලන්නට ගිය විවාහකයා මාට්ටු


2019-09-10 18:42:26 -  329 යි

කාන්තාවක් මෙන් සැරසි ත්‍රි රෝද රථයකින් පැමිණි තරුණයකු සැකපිට අක්මිමන කුරුදුවත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බැව් අක්මිමන පොලිසිය පවසනවා.

මොහු විසිහතර හැවිරිදි වියේ පසුවන වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු රූපලාවන්‍ය මධ්‍යස්ථානයකට ගොස් බොරු කොණ්ඩයක් දමා ගෙන කාන්තාවක් මෙන් සැරසි  ත්‍රිරෝද රථය පදවාගෙන වැලිගම සිට අක්මිමන ප්‍රදේශයට පැමිණ තිබෙනවා. 

කාන්තාවක් මෙන් හැඩවැඩ කිරිම සදහා මොහු අදාල රුපලාවන්‍ය ආයතනයට රුපියල් 800ක මුදලක් ද ලබාදි ඇති බවත් 

සැකකාර තරුණයා කුරුදුවත්ත ප්‍රදේශයට පැමිණ  එම ප්‍රදේශයේ නිවසක නිවැසියන් පිළිබද තොරතුරු විමසා ඇති බවත් හෙළිව තිබෙනවා.

ඒ අවස්ථාවේ මොහු පැළද සිටි බොරු කොණ්ඩය සුළගේ ගොස් ඇති අතර පසුව මොහු ගැන සැකසිතී එහි සිටි අය විසින් සැකකරු අල්ලා පොලිසියට භාරදි තිබෙනවා.

සැකකරු විවාහකයකු වන අතර මොහු මෙම ප්‍රදේශයේ කාන්තාවක් සමග අනියම් සම්බන්දතාවයක් පවත්වාගෙන ගොස් ඇතර ඇය හමුවීම සදහා කාන්තාවක් ලෙස සැරසි පැමිණ ඇති බවද අනාවරණය වී තිබෙනවා. අක්මිමන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

මාපලගම රසික සෙනවිරත්න

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com