www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සම්තින් එකක් හොයා ගන්න පොලිස් නිලධාරියා හෝටල්වල කුණු කොත්මලේ ජලාශය ළඟට ගෙනත් දාලා


2019-09-09 09:47:27 -  237 යි

- දඹගල්ල සපත්තු පාලම ළඟ ජනතාව උද්ඝෝෂණයේ

- හෝටල් හිමියා අත්අඩංගුවට-පොලිස් නිලධාරියා සොයා පරීක්‍ෂණ

- කුණු ටික ඊයේ උදේත් එතනමයි


දැනට සේවයේ නියුතු පොලිස් නිලධාරියකු අමතර ආදායම් ඉපැයීමේ මාර්ගයක් ලෙස හෝටල් හා වෙළෙඳ සල්වලින් ඉවත්කරන කසළ රැුගෙන ගොස් කොත්මලේ ජලාශය අවට ඇති මාර්ග අසල දැමීම සිදුකරනවා යැයි චෝදනා කොට එයට විරුද්ධව භික්‍ෂුන් වහන්සේ ප‍්‍රමුඛ ගම්වාසීහු හපුගස්තලාව හරහා ඇති නාවලපිටිය මාර්ගය දඹගල්ල සපත්තු පාලම අසලින් අවහිර කොට 7 වැනිදා උද්ඝෝෂණයක නිරත වූහ.

කාලයක් තිස්සේ මෙම පොලිස් නිලධාරියා සිදුකරන මෙම නොමනා කි‍්‍රයාව නිසා ප‍්‍රදේශය දැඩි පරිසර හානියකට ලක්ව ඇති බවත් පැවසූ උද්ඝෝෂකයෝ ඔහුට නීතිය කි‍්‍රයාත්මක කොට මෙම අයතා කි‍්‍රයාව නැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.

කාලයක් තිස්සේ ගම්පොල නගරයේ කසළ ඉවත් කිරීමේ ගැටලූවක් පවතින අතර මේ හේතුව නිසා කාට හෝ මුදල් දී පොලිතින් සහිත තම කසළ ඉවත් කිරීම සිදුකර ගැනීමට

ගම්පොල වෙළෙඳ සල් හිමියෝ හා හෝටල් හිමියෝ පුරුදුව සිටිති.

එය ප‍්‍රයෝජනයටගත් මෙම පොලිස් නිලධාරියාද ගම්පොල හෝටලයක ඇති කසළ තොගය තම ති‍්‍රරෝද රථයේ පටවාගෙන ගොස් කොත්මලේ මහවැලි ගඟ හරහා ඇති දඹගල්ල සපත්තු පාලම අසල දමා ගොස් තිබුණි.

සෙනසුරාදා (7 දා* දින මාර්ගය මත ඇති කසළ පරීක්‍ෂා කර බැලූ ප‍්‍රදේශවාසීන් එහි තිබූ

ගම්පොල හෝටලයක බිල් සොයාගෙන ගම්පොල පොලිසියට පැමිණ පැමිණිලි කොට එම හෝටල් හිමියාගෙන් මේ බව විමසා ඇත.

එම හෝටල් හිමියා මෙම කසළ තමාගේ බව පිළිගෙන ඒවා ඉවත් කිරීමට මෙම පොලිස් නිලධාරියාට ලබාදුන් බව පැවසීම නිසා

ගම්වාසීන් එම කසළ ඉවත් කරන ලෙස මෙසේ මාර්ගය වසා විරෝධතාව අරඹා තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ දඹගල්ල ශී‍්‍ර අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති පොල්පිටියේ සෝභිත හිමි-

මිනිස්සු දහස් ගණනක් වතුර බොන දිය නාන මේ මහවැලි ගඟ අසලට කසළ ගෙනවිත් දැමීම දීර්ඝ කාලයක් තිසේස් සිදුවුණා. ගම්වාසීන් හිතුවේ හපුගස්තලාව ප‍්‍රදේශයේ පිිරිසක් මෙම කසළ ගෙනවිත් දානවා කියලා.

නමුත් ගම්වාසීන්ගේ විමසිලි බව නිසා මේ කසළ දාන වසලයා සොයා ගන්න පුළුවන් වුණා. අපට කනගාටු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් මේ වැඬේ කරන එකයි. මෙයා පූඬළු ඔය පොලිසියේ වැඩකරන කෙනෙක්. අපි කියන්නේ මේ පොලිස් නිලධාරියාම ඇවිත් මේ කසළ ඉවත් කරන්න ඕනෑ කියලා. එතකොටවත් මේ වගේ දේවල් නොකරන්න හැදෙයි.

මෙම විරෝධතාවය සෙනසුරාදා දවස පුරාම පැවති අතර මෙම ස්ථානය වෙත ගම්පොල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ශි‍්‍රයන්ත පීරිස් සහකාර පොලිස් අධිකාරි ඕ. පී. අමරබන්දු,

ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති තුසිත හලංගොඩ ඇතුළු නිලධාරීහු විශාල පිරිසක් පැමිණ සිටියහ.

මෙහිදී කොට්ඨාස භාර පොලිස් අධිකාරි ශි‍්‍රයන්ත පීරිස් මහතා උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලා සිටියේ වරදකරුවන්ට නීතිය කි‍්‍රයාත්මක කරන බැවින් විරෝධතාව නවතන ලෙසයි.

නමුත් ගම්වාසීන් ඉල්ලා සිටියේ එම පොලිස් නිලධාරියාම පැමිණ මෙම කසළ ඉවත් කරන්නේ නම් තම විරෝධය නවතා මාර්ගය විවෘත කරන බවය.

ඒ අනුව පොලිස් නිලධාරියා හා හෝටල් හිමියා අත්අඩංගුවට ගන්නා බවත් දෙපාර්තමේන්තුවට දන්වා මෙම පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්කරන බවත් දන්වා පොලිස් නිලධාරීන් පිටව ගිය අතර විරෝධතාවේ නිරත වූ පිරිස් ගස් අතු කපා මාර්ගය වසා රාති‍්‍ර 10 වන තුරු එම ස්ථානයේ රැුඳී සිටියහ.

ඊයේ 8 වැනිදා දිනද මෙම කසල තොගය ඉවත් නොකර මාර්ගය මත දක්නට තිබුණි.

ගම්පොල පොලිසිය මගින් මෙම හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා හා ති‍්‍රරෝද රථය සොයා පරීක්‍ෂණ අරඹා ඇත.

ගම්පොල - සුරංග දිල්හාන්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com