www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බස් රියේ වෙඩි තැබීම කොස්ගොඩ සුජීගේ වැඩක්


2019-09-09 09:33:08 -  802 යි

කේ.එම්.ජී. සිරිසෝම - ඇල්පිටිය
එස්. ප්‍රියන්ත -පිටිගල

අලුත්ගම සිට ඇල්පිටිය බලා ලංගම බස් රථයක ගමන් කරමින් සිටි රංජිත් ජයවර්ධන නමැති අය ඉකුත් 6 වැනිදා රාත්‍රියේ ඝාතනය කර ඇත්තේ ඩුබායිහි සිටින පාතාල නායක කොස්ගොඩ සුජී​ගේ කොන්ත්‍රාත්තුවක් මත බවට වාර්තා වේ. ඒ අනුව පාතාල කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් මෙම ඝාතනයට මුල් වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.

කොස්ගොඩ සුජීගේ පිලේ චමිල දීපාල් නමැති පාතාල ප්‍රබලයා ඇතුළු පාතාලයන් දෙදෙනකු රත්තොටුවිලදී ඝාතනය වීමේ සිද්ධියට මෙම මියගිය අය ආධාර අනුබල දීමේ හේතුවක් මත මෙම ඝාතනය සිදුකර ඇතැයි බුද්ධි අංශ කියයි.

අලුත්ගම සිට ඇල්පිටිය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් පසුපස යතුරු පැදියකින් හඹා ආ පිස්තෝලකරුවන් විසින් අටකොහොට බෝධිය අසලදී බස් රථයට නැග වෙඩි තබා මෙම ඝාතනය කර ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඌරගස්මංහන්දිය වල්ඉඟුරුකැටිය පදිංචි 41 හැවිරිදි එක්දරු පියෙකි.

මේ අවස්ථා​වේ මියගිය අයගේ මව හා සහෝදරයකුද බසයේ ගමන් කර ඇති අතර මියගිය අය ඉලක්ක කොට හිසට වෙඩි තබා ඇත. ඇල්පිටිය අධිකරණයේ විභාගවන නඩුවක් සඳහා පෙනී සිටීමට යන අතරමගදී ඔහු මෙම සිද්ධියට මුහුණ පා ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

මේ දක්වා කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇල්පිටිය පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරියගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහගේ අධීක්ෂණය යටතේ ඇල්පිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක සුමුදු ප්‍රසන්න යන අය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත. මියගිය අයගේ දේහය මේ වන විට ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඇල්පිටිය මහෙස්ත්‍රාත්වරයා විසින් මරණ පරීක්ෂණ සිදුකරමින් පවතී.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com