www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අතුරුදන්ව සිටි බුද්ධි නිළධාරියා යලි මතුවෙයි


2019-09-09 09:25:22 -  272 යි

හේමන්ත ලියනපතිරණ

දින තුනක් තිස්සේ අතුරුදන්ව සිටි රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ‍පොලිස් පරීක්ෂකවරයා ඊයේ (8 වැනිදා) තම නිවසට පැමිණ තිබේ.

දින තුනකට පමණ ඉහතදී රාජ්‍ය බුද්ධි අංශයේම සේවය කරන ඔහුගේ බිරිඳ නාරාහේන්පිට පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත්තේ තම සැමියා සේවයට ගොස් නැවත නිවසට නොපැමිණි බවටයි. නාරාහේන්පිට පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් පසු ඊයේ (8 වැනිදා) පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ පොලිසියට දන්වා ඇත්තේ සිය සැමියා නිවසට පැමිණි බවයි.

තමන් කළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට තම සැමියා සමග පොලිස් ස්ථානයට පැමිණෙන බවද ඇය වැඩිදුරටත් දන්වා ඇත.පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ බුද්ධි අංශ පොලිස් පරීක්ෂකවරයාගේ අතිශ්‍යය පෞද්ගලික හේතු කිහිපයක් සම්බන්ධයෙන් පීඩනයෙන් සිටි පුද්ගලයකු බවයි. වැඩිදුර විමර්ශන නාරාහේන්පිට පොලිසිය සිදුකරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com