මහ රෑ නිවසකට පැන 69 හැවිරිදි වයෝවෘද්ධ කත නාවා හදි කළ තරුණයා රිමාන්ඞ්
|

2019-09-06 10:10:01
- 2033
යි
මධ්‍යම රාතී‍්‍ර 12.00 ට පමණ නිවසකට ඇතුළු වූ 31 හැවිරිදි අයකු එම නිවසේ තනිව සිටි 69 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් මහ රෑම නාවා පිරිසිදු කොට පසුව ඇය දූෂණය කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් මෙම මස 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පොල දිසා විනිසුරු ශී‍්‍රනිත් විජේසේකර මහතා නියෝග කළේය.
ගම්පොල පොලිස් වසමට අයත් වැටකේදෙණිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අතවරයට පත් මෙම කාන්තාව සිවුදරු මවකි. එම සියලූ දරුවන් විවාහ වී ඇත.
ඇය එක් දරුවකුගේ බිරිඳ (ලේලි) සමග මෙම නිවසේ සිට ඇති අතර එම ලේලියට හදිසියේම නාවලපිටිය ප‍්‍රදේශයේ ඇති ඇගේ මහ ගෙදරට යාමට සිදුව ඇත.
මේ බව දැනගත් මෙම වයෝවෘද්ධ මාතාව සිටින නිවස අසල පදිංචි මෙම 31 හැවිරිදි අය මහ රෑ මෙසේ එම නිවසට ගොස් ඇය බියගන්වා අතවර කර ඇත.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|