අමතර පන්තියට යන බව කියා හෝටලයට ගිහිල්ලා බාලවයස්කාර දැරිය අපයෝජනය කළ තරුණයා සහ හෝටල් කළමනාකාරිණිය අල්ලයි
|

2019-09-06 08:04:02
- 1973
යි
වයස අවුරුදු දාහතරක දැරියක් අපයෝජනය කළ බව කියන 24 හැවිරිදි තරුණයකු සහ ඔවුන්ට නවාතැන් දුන් බව කියන 51 හැවිරිදි හෝටල් කළමනාකාරිණියක ඉකුත්දා අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය කියයි.
ඇය අමතර පන්තියකට යන බව පවසා තරුණයා සමග ලැගුම්හලකට ගොස් ඇත. දැරිය ආච්චි සම`ග සිට ඇත.
තරුණයා සහ ලැගුම්හල් අයිතිකාරිය මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර දැරිය හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත. මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක ධම්මික විජේසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති. පොලිස් පරීක්ෂක අමිත රංජිත්, සැරයන්වරුන් වන (32404) රස්නායක, (31765) කුමාරසිංහ, (31799) ගේ‍්‍රටන්, පොලිස් රියදුරු (80360) සදුන් යන නිලධාරීහු මෙම පරීක්ෂණ සිදු කළහ.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|