www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බිරිඳගේ පළමු විවාහයේ දියණියට ලිංගික අතවර කළ වඳුරඹ බාප්පා අත්අඩංගුවට


2019-08-30 07:55:31 -  433 යි

තම බිරිඳගේ පළමු විවාහයේ දියණියට ලිංගික අතවර සිදු කළ බව කියන පුද්ගලයෙකු (28) සවස වඳුරඹ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකි.

වින්දිත දැරිය 8 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර මවත් දැරියත් සැකකාර බාප්පත් සාදාගෙන එන නිවසේ කාමරයක එකම ඇඳේ නිදා ගන්නා බවත් එසේ සිටිනවිට අවස්ථා කිහිපයකදීම ලිංගික අතවර කළ බවත් දැරිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්වේ.

දැරිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ඇති අතර සැකකරු හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com