www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනයේ අඩයාලම් සෙන්ටර් ගැන ත්‍රස්‌ත විමර්ශන පරීක්‍ෂණ


2019-08-17 19:19:45 -  254 යි

ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවට එරෙහිව යාපනයේ නීති විරෝධීව පවත්වා ගෙන යන අඩයාලම් රිසර්ච් සෙන්ටර් නමැති මධ්‍යස්‌ථානය ගැන ත්‍රස්‌ත මර්දන ඒකකය පරීක්‍ෂණ අරඹා ඇත.
 
 ඇමරිකානු ආරමුදල් මත ක්‍රියාත්මක වන මෙම සංවිධානයේ ක්‍රියාකාරීන් පසුගිය වසර කීපය තුළ ජිනීවා මානව හිමිකම් සමුළුවලට සහභාගි වෙමින් හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර තිබේ.
 
 ත්‍රස්‌ත මර්දන ඒකකයේ කණ්‌ඩායමක්‌ යාපනයට ගොස්‌ අඩයාලම් මධ්‍යස්‌ථානයේ විධායක අධ්‍යක්‍ෂ ගුරුපාරන් නමැත්තාගෙන් එම සංවිධානයට අරමුදල් ලැබෙන අයුරු ගැන ප්‍රශ්න කර ඇත. මෙම අඩයාලම් මධ්‍යස්‌ථානයේ ඇමරිකානු නියෝජිත මාරියෝ අරුල්තාස්‌ නමැත්තා කීප වතාවක්‌ම යාපනයට පැමිණ රහස්‌ සාකච්ඡාවල නිරත වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com