www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වසර 2 ක්‌ පුරා නව හැවිරිදි දියණියට අතවර කළ පියා අත්අඩංගුවට දැරිය රෝහලේ


2019-08-16 07:34:55 -  1893 යි

වසර දෙකක්‌ පුරා නව හැවිරිදි සිය දියණියට අතවරයට ලක්‌ කළ පියකු මව විසින් එම දියණිය රෝහල්ගත කළ පසු පිහියක්‌ ඉනේ ගසාගෙන රෝහල අසල ගැවසෙමින් සිටියදී පොලිස්‌ අත්අඩංගුවට පත්ව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ගම්පොළ දිසා විනිසුරු ශ්‍රීනිත් විඡේසේකර මහතා විසින් ඔහු රක්‌ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
 
 මෙසේ රක්‌ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ගම්පොළ මවුන්ටෙම්පල් ප්‍රදේශයේ පදිංචි අයෙකි.
 
 මොහු වෘත්තියෙන් කුලී වැඩ කරන්නෙකු වන අතර අධික ලෙස ගංජා හා කුඩුවලට ඇබ්බැහි වී ඇති අයෙකු බව අනාවරණය වී ඇත. මෙම දැරිය වයස අවුරුදු හතේ සිට පියාගේ අපයෝජනයට ලක්‌ව ඇති අතර මීට මාස තුනකට පෙර වැඩිවියට ද පත්ව ඇත.
 
 ඉන්පසුව මෙම පුද්ගලයා අතින් ඇය අතවරයට ලක්‌ව ඇති අතර ඒ බව මවට දැනුම් දීමෙන් පසු ඇය සිය දියණිය ගම්පොළ රෝහල වෙත ඇතුළත් කොට ඇත.
 
 රෝහල මගින් පොලිසිය දැනුවත් කළ පසු පරීක්‌ෂණ අරඹා ඇති අතර ඒ බව දැනගත් සැකකරු ප්‍රදේශයෙන් වසන් වී ඇත.
 
 දැරිය අසල මව ද රෝහල තුළ නැවතී සිටියදී මෙම පුද්ගලයා පිහියක්‌ ද ඉනේ ගසාගෙන රෝහල වෙත ගොස්‌ තිබේ. 
 
 මොහු පිළිබඳ අවධානයෙන් සිටි පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන පරීක්‌ෂා කිරීමේදී පිහිය සොයාගෙන ඇත.
 
 දැරිය දූෂණයට ලක්‌ව ඇති බව වෛද්‍ය වරු ප්‍රකාශ කොට ඇති බව පොලිසිය සඳහන් කළ අතර මෙම සැකකරුගේ බාල දියණිය ද වෛද්‍ය පරීක්‌ෂණ සඳහා ගම්පොළ රෝහලට ඇතුළත් කොට ඇත.
 
 ගම්පොළ පොලිසියේ අපරාධ අංශය සමග ළමා හා කාන්තා අංශය මෙහි පරීක්‌ෂණ සිදුකොට තිබිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com