www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මඩාටුගම ප‍්‍රදේශයේදී යළිත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ


2019-08-13 13:34:47 -  246 යි

මඩාටුගම ප‍්‍රදේශයේ ගල්තලාවක පිහිටි කුහරයක් තුළ රහසිගත ලෙස ස`ගවා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් ඊයේ 11 දහවල් ආරක්ෂක අංශ මගින් සොයාගෙන තිබේ.

ඩෙටනේටර් කිහිපයක් වෙඩි බෙහෙත් හා ජෙලට්නයිට් ඇතුලූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් එම පාර්සලයේ තිබී පොලිසිය භාරයට ගෙන තිබිණ. 

මඩාටුගම මුස්ලිම් ගම්මානය පසුපස පිහිටි රක්ෂීතයක ඇති ගලකන්දක ගල් කුහරයක් තුළ ස`ගවා තිබීයදී එම සැකකටයුතු  පාර්සලය සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබිණ. 

කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් කිසියම් අපරාධයක් සදහා යොදා ගැනීමේ අරමුණීන් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය රහසිගතව මෙම ගල්තලාවේ ස`ගවා තබන්නට ඇතැයි ආරක්ෂක සැක කරන අතර එම පාර්සලය මීට මාස ගණනකට ඉහතදී එම ස්ථානයේ ස`ගවන්නට ඇති බවට ද ආරක්ෂක අංශ අනුමාන කරයි. 

මින් පෙර ද අවස්ථා කිහිපයකදී ද මඩාටුගම ප‍්‍රදේශයේ ආගමික ස්ථාන ඇතුලූ ස්ථාන කිහිපයක තිබී අධී බලැති පුපුරණ ද්‍රව්‍ය හා වෙනත් අවි ආයුධ රැසක් ද හා එම සිද්දීන් සම්බන්ධව සැකකරුවන් රැුසක් ද ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබිණ. 

අනුරාධපුර දිසාව භාර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව කැකිරාව පොලිස් ස්ථානය මගින් එම පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මෙන්ම ඊට  අදාළ සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.

මඩාටුගම ප‍්‍රසංග ඒකනායක

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com