www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තේවනුවර පන්සලේ කාමරයක ඇටසැකිල්ලක්


2019-08-11 15:38:09 -  490 යි

කරුවලගස්වැව තේවනුවර විශුද්ධාරා විහාරස්ථානයේ කාඹරයක් තුළ තිබි මිනිස් ඇටසැකිල්ලක් (11) සොයා ගත් බව කරුවලගස්වැව පොලීසිය පවසයි. 

තේවනුර විශුද්ධාරාම විහාරස්ථානයේ වාසය කල චිවරධාරියකු විසින් මෙම මිනිස් ඇට සැකිල්ල විහාරස්ථානයට අසල සොහොනකින් රැගෙන විත් ඇති බවට මේ වන විට පොලිස් මුලික විමර්ශනවලදී හොළි වී තිබේ. 

අදාල මිනිස් ඇට සැකිල්ල විහාරස්ථානයේ කාමරයක් තුළ තිබෙන බවට ලැබුණ තොරතුරක් මත කරුවලගස්වැව පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් විහාරස්ථානයට පැමිණ සොයා බලද්දී අදාල චිවරධාරියා ඔහු රැදි සිටි කාමරය තුළ අදාල මිනිස් ඇට සැකිල්ලේ රඳවාගෙන තිබිය දී හමුව තිබේ.

පොලිසිය පවසන්නේ අදාල ඇට සැකිල්ලට සරසා තිබු ඇදුම් පවා ශරිරයෙන් ඉවත් විමක් පවා සිදුව නොතිබුණ බවයි. 

ඒ හේතුවෙන් දුගඳක් පවා වහනය වන බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල චිවරධාරියා පොලිස් බාරයේ රදවා ඇති අතර චිවරධාරියා පවසා ඇත්තේ ගම්වාසින් පිරිසක් මෙම ඇට සැකිල්ල තම පියාගේ බව පවසා එය සොහොනෙන් ගැනිමට ලිපියක් ලබා දී ඇති බවයි. 

කෙසේ නමුත් කරුවලගස්වැව පොලීසිය හා පොලිස් සොකෝ කණ්ඩායම් පරික්ෂණ සිදුකරන බවද පැවසිය.
 
ජායාරුපවල ඇත්තේ පොලිස් කණ්ඩායම් පරික්ෂණ සිදු කරන අයුරු හා අදාල ඇට සැකිල්ල චිවර ධාරියාගේ කාමරය තුළ ඇති ආකාරයයයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com