www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකුට එරෙහිව නඩු


2019-08-07 12:09:24 -  184 යි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ සිරුරෙන් ලබාගත් අස්ථි කොටස් අතුරුදන්වීම් සිදුවීමට අදාළව කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරකෝන් මහතාට එරෙහිව නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.

වසීම් තාජුඩීන් මහතාගේ අස්ථි කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලට අදාළව නීතිපතිවරයා මෙසේ නඩු පැවැරීමට කටයුතු කළ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිෂාරා ජයරත්න මහත්මිය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙසේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුට එරෙහිව මහාධිකරණයක නඩු පැවරීම සිදුවූ බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com