රූපවාහිනිය නැරැඹීමට ගිය දස හැවිරිදි දැරිය අපයෝජනය කළ අසූදෙහැවිරිදි සිව්දරු මහල්ලා අත්අඩංගුවට
|

2019-08-07 07:41:29
- 1483
යි
දසහැවිරිදි බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක්කළ අසූදෙහැවිරිදි වියේ පසුවන සිව්දරු පියෙකු අත්අඩංගුවට ගත් බැව් අක්මීමන පොලිසිය පවසයි.
මීට මාස හතරකට පමණ ඉහතදී මෙකී බාලවයස්කාර දැරිය මෙම පුද්ගලයාගේ නිවසට රූපවාහිනිය නැරැඹීම සඳහා ගොස් ඇත. එම අවස්ථාවේ දී නිවසේ සිට ඇත්තේ මෙම පුද්ගලයා පමණකි. එහිදී මොහු මෙම දැරිවිය අපයෝජනයට ලක්කර ඇති බැව් පොලිසිය පවසයි. බාලවයස්කාර දැරිය පසුව මේ බව තම මවට දැනුම් දී ඇත. දැරිය පොලිසියට ලබාදුන් ප‍්‍රකාශ මත මෙකී සිව්දරු පියා අක්මීමන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අක්මීමන පොලිසිය පරික්ෂණ පවත්වයි.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|