www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පුද්ගලයින් මිලියන 106කගේ පෞද්ගලික තොරතුරු සොරකම් කරලා


2019-07-31 07:16:04 -  356 යි

මූල්‍ය සැපයුම් ආයතනයක දත්ත පද්ධතියක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් අමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් මිලියන 106 ක පිරිසකගේ පෞද්ගලික තොරතුරු සොරකම් කර තිබේ.

කැපිටල් වන් නමැති අමෙරිකාවේ ක්‍රියාත්මක ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක දත්ත පද්ධතියට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම සයිබර් ප්‍රහාරයෙන් අමෙරිකාවේ පුද්ගලයින් මිලියන සියයකගේ සහ කැනඩාවේ පුද්ගලයින් මිලියන 6 කගේ නම්, ලිපිනයන්, දුරකතන අංක ඇතුළු පෞද්ගලික තොරතුරු සොරකම් කර ඇති බව අදාල ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

සයිබර් ප්‍රහාරය සිදුකළ පුද්ගලයා ඊයේ දිනයේ අත්අඩංගුවට ගැනීමත් සමඟ අදාල ආයතනය මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com