www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මගේ සැමියා හොරෙන් පරණ පෙම්වතියට කෝල් කරනවා


2019-07-30 07:57:06 -  494 යි

ගැටළුව - අපි කසාද බැඳලා දැනට අවුරුදු දෙකහමාරක් වෙනවා. මුල් අවුරුද්ද බොහොම සුන්දරව වගේම ලස්සනට ගතවුණා. කිසිම ගැටළුවක් තිබුණේ නෑ. ඒත් ටික කාලෙකට පස්සේ මම හදිසියේම වැරදීමකින් හස්බන්ඩ්ගේ දුරකතනය අරගෙන බලද්දි එයාගේ පරණ පෙම්වතිය එක්ක ඉන්න ඡායාරූප තවමත් එයාගේ ගැලරි එකේ තියනවා දැක්කා. මගේ සැමියා මට කවදාවත් එයාගේ අතීතය ගැන කියලා නෑ.

මම තව දවසක් හිතාමතාව එයාගේ ෆොන් එක අරගෙන බලද්දි මම දැක්කා එයා පරණ පෙම්වතිය එක්ක වීඩියෝ චැට් කරලා තියනවා. ඒ මම දරුවා ලැබිලා ටික දවසක් මගේ දෙමව්පියන් එක්ක ගතකරන දවස්වල. මට මේ තත්වය ගැන හිතාගන්න බැරිවුණා. මම දන්න තරමින් එයාගේ පරණ පෙම්වතියත් දැන් කසාද බැඳලා දරුවෙක් ඉන්නවා. මම මේකට මොකද කරන්නේ, මම හස්බන්ඩ්ගෙන් කෙලින්ම මේ ගැන අහන්නද? නැත්නම් වෙන ක්‍රමයක් තියනවද?

පිළිතුර - ඔබට ඔබේ සැමියා සබඳතාවක් පවත්වාගෙන යන කාන්තාවගේ තොරතුරු අනුව ඒ ඔහුගේ හිටපු පෙම්වතිය බව නිගමනය කරන්න පුළුවන් වුණත් ඔවුන් දෙදෙනා අතර දැන් අති සබඳතාවය ප්‍රේමාන්වති එකක්ද නැත්නම් සාමාන්‍ය ආදර සබඳතාවක් නොවන (Platonic Relationship) එකක්ද කියලා හරියටම නිගමනයක කරන්න බෑ.

ඒ නිසා ඔබ මුලින්ම කල්පනා කරලා බලන්න ඔබ සහ ඔබේ සැමියා අතර ඇති සබඳතාවයේ වර්තමාන තත්වය ගැන. ඔබ සහ ඔහු කොතරම් කාලයක් එකට ගතකරනවාද, දෙන්නා එකතුවෙලා කොතරම් වෙලාවක් සතුටින් ඉන්න එකට වැඩ කරන්න කටයුතු කරනවාද කියලා.

ඒ විතරක්ම නෙවෙයි, ඔබ මෙහෙම කාලය ගතකරද්දී ඔබ දැනගත්ත මේ කාරණය ක්‍රමානුකූලව ඔබේ සැමියාට සන්නිවේදනය කරන්න වෙනවා. හැබැයි එක පාරටම, හදිස්සියේ, රණ්ඩුවක් වෙලා එහෙම නෙවෙයි. මොකද ඒකෙන් ඇතිවෙන අහිතකර බලපෑම ඔබ දෙදෙනාගේ සබඳතාවයට සහ ඔහු තුල ඔබ ගැන ඇති යහපත් ආකල්ප වලට බරපතල විදිහට අහිතකරව බලපාන්න පුළුවන් නිසා.

මුලින්ම ඔබට සිද්ධවෙනවා ඔබට දැන් තරහා,දුක හෝ ආවේගයක් දැනෙනවනම් ඒ සේරම පැත්තකින් තියලා යහපත් මානසිකත්වයකට පත්වෙන්න. මොකද එහෙම වුණාම තමයි ඕනම ගැටළුවක් විසඳන්න පහසු වෙන්නේ. ඔබ හැඟීම්බර වුනොත්, ගැටළුව විසඳන්න අමාරුවෙනවා.

ඔබ යහපත් මානසිකත්වයකට ඇවිත්, ඔබේ සැමියාත් යහපත් මානසිකත්වයක ඉන්න වෙලාවක ඔබ කතා කරන්න ඔහුට මොහොතක් ඔබේ ලඟින් වාඩිවෙන්න කියලා. ඊට පස්සේ සන්සුන්ව ඔබ අත්විඳපු සිදුවීම ඔහුට කියන්න. බොහොම සන්සුන්ව සහ මිත්‍රශීලීව කියන්න. ඊට පස්සේ ඔහුට කියන්න ඔබ ඇත්ත දැනගන්න කැමතියි කියලා මේ සිදුවීම ගැන. ඔහු සමහරවිට පාපොච්චාරණය කරාවි, නැත්නම් ඔහු ඇත්තටම වරදක් නොකරනවනම් ඔහු තරහා ගන්නේ නැතිව පැහැදිලි කරාවි, ඒත් නැත්නම් ඔහුගේ ෆෝන් එක බැලුවා කියලා ඔබට දොස් කියාවි. ඒක ඔහු වරදෙන් ආරක්ෂා වෙන්න පාවිච්චි කරන එක ක්‍රමයක්.

ඒත් ඔබ සන්සුන්ව සහ ස්ථීරව ඔහු කියන දේ අහන් ඉන්න, රණ්ඩු වෙන්න සහ හැඟීම්බර වෙන්න යන්න එපා. ඔහු කතා කරලා ඉවරවෙලා විවේකයක් ගත්තම ඔබ සන්සුන්ව කියන්න ඔබට මේ දේවල් දැක්කම දැනුණු හැඟීම, එයින් ඔබේ පවුලට සහ දරුවන්ට වෙන්න පුළුවන් හානිය පැහැදිලි කරලා දෙන්න.

තුන්වෙනි පියවර වෙන්නේ මෙහෙම කතාකරාට පස්සේ තරහක් හරි අවිශ්වාසයක් හරි හිතේ නොතියාගන්න එකයි. ඒකට ටිකක් අමාරු වුනත් තිරණාත්මකම පියවර මේක තමයි. ඔබට ඔබගැන ආත්ම විශ්වාසයක් ඇතිකරගන්න, ඔබේ සහකරුවාට ගරුකරන්න සහ ඔහුගේ ගෞරවය ලබන්න සන්සුන්ව සහ සංවරව මේ වගේ තැනකදි වැඩුණු බුද්ධිමත් ජීවියෙක් ලෙස වැඩ කරන්න වෙනවා.

ආවේගය පසෙකින් තියලා ඉතාම පිරිපුන් මිනිසෙක් ලෙස ඔබ හැසිරෙනවානම් මේ ප්‍රශ්නය කතාබහ කරලා බේරගෙන ඉතාම හොඳින් ඇත්තටම හිටියටත් වඩා හොඳින් ජීවත්වෙන්න පුළුවන්. අවශ්‍යමනම් තවදුරටත් පවුල් උපදේශකයෙක්ගේ හමුවෙලා තවදුරටත් මේ ගැන කතාකරලා ස්ථිරසාරව යහපත් තැනකට ඔබේ සබඳතාව ගෙන යන්න ඔබට පුලුවන්.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com