www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පිරිමි ඇස් සසල කරවන ස්ත්‍රී දෙපා


2019-07-30 07:48:00 -  256 යි

දෙපා කියන්නේ ජීවියෙක්ට ඇවිදයාමට අවශ්‍ය අංගයක් විදිහට පරිණාමයේදී හැඳින්වුනාට ඇත්තටම කාන්තාවකගේ දෙපා කියන්නේ ඊටත් වඩා සුන්දරත්වයෙන් සහ කලාත්මකව ඇගයෙන් ශරීරාංගයක්. ලෝකයේ ඕනෑම රටක, ඕනෑම කාන්තාවන් සමූහයකට අදාලව දෙපා සුන්දරත්වයෙන් අනූන රාගික වස්තුවක් විදිහට අතීතයේ ඉඳන්ම පිළිගන්නවා.

ලෝකයේ පොදු විශ්වාසය අනුව කාන්තාවන් ආකර්ශණය විඳින්න, ඒ කියන්නේ තමන් පිරිමි පාර්ශවයේ ආකර්ශණය දිනාගන්නා කෙනෙක් බවට පත්වෙන්න වැඩි කැමැත්තක් දක්වනවා. ඒ අතරින් බොහොමයක් පිරිමි කාන්තා ශරීරයේ වැඩිපුරම අවධානය යොමු කරන අංග දෙකක් ගැන ඩෙස්මන් මොරිස්ගේ The Naked Women කෘතියේ අධ්‍යයනයෙන් ඉස්මතු කරලා තියනවා.

එයට අනුව ලෝකයේ පිරිමි අතරින් එක් පිරිසක් වැඩිපුරම බලන්න කැමති කාන්තාවන්ගේ පියයුරු දිහා, අනිත් පිරිස කැමති කාන්තාවන්ගේ නිරුවත් පාද දිහා බලන්න. දිගු ඇඳුමකින් වැසුණු පාද වෙනුවට, කෙටි ඇඳුම්වලින් අඩක් නිරුවත්වූ දෙපා ලොව පුරාම පිරිමින්ගේ ආකර්ශණයට භාවිතා කරන උපායක් විදිහට විලාසිතා ක්ෂේත්‍රයෙන් බිහිවෙන්නෙත් මේ නිසාම වෙන්න ඇති.

කොහොම වුනත් කාන්තාවකගේ නිරුවත් දෙපා කියන්නේ කලාත්මක අංගයක්. එහි පිහිටීම, ලාලිත්‍ය, පැහැය සහ පා තබා යන ආකාරය ඉතාම රාගිකයි. ඒ නිසා පිරිමි ඇස් වගේම සිත් සසල කරන්න ස්ත්‍රී දෙපාවලට හැකියාව තිබෙනවා. ඒ නිසාම වෙන්න ඇති කාන්තා පාද ගැනම ලියවුණු සහ ඡායාරූප පළවුණු සඟරා පවා අතීතයේ බිහිවුණේ.

සෘජු දෙපා සහ මදක් වක්වූ දෙපා

කාන්තාවන් ඇතැම් පිරිසකට හිමිවෙන්නේ සෘජු සිහින් දෙපා. මේවායේ අලංකාරය වගේම ලාලිත්‍ය අඩුයි. සෘජු බව නිසා එහි ඇත්තේ ආකර්ශණය දිනාගන්නා ස්වරූපයක් නෙවෙයි. ඒත් මදක් වක්වූ, පිරිපුන් කලවා සහ මස්පිඩු සහිත දෙපා කියන්නේ ආකර්ශණයෙන් වැඩි මෙන්ම ඕනෑම ඇඳුමකට ලස්සනට පිහිටින දෙපා. එවැනි දෙපා පිරිමදින්න පිරිමි සිත් පොරබදනවා.

දිගු ඇඟිලි

කාන්තාවකගේ පා ඇඟිලි දිගුවීම කියන්නේ ඉතා ආකර්ශණීය අංගයක්. එයින් පාදවල ඇති සුන්දරභාවය තවත් වර්ධනය කරනවා. ඒ විතරක්ම නෙවෙයි සිහින් දිගු ඇඟිලි පාදවලට චමත්කාරයක් එක්කරනවා. නිය ආලේපන නොගෑවද දිගු ඇඟිලි ඉතාම සුන්දරයි. මේ වගේ දිගු ඇඟිලි සහිත සුන්දර දෙපා ලොව පුරා නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න කාන්තාවන්ට මහර්ඝ සම්පතක්.

තැඹිලි පැහැ දෙපා

කාන්තාවන්ගේ සමේ පැහැයද පාදවල සුන්දරත්වයට සෘජුවම බලපානවා. ආකර්ශණයෙන් වැඩි ඉතා පැහැපත් පාද හෝ ඉතාම පැහැයෙන් අඩු පාද නෙවෙයි, තැඹිලි හෝ රඹ පැහැයට හුරු දෙපා ආකර්ශණයෙන් වැඩියි. දකුණු ඇමරිකානු කාන්තාවන්, නැගෙනහිර යුරෝපයේ කාන්තාවන්, දකුණු සහ නැගෙනහිර ආසියානු කාන්තාවන්ට උරුම පැහැය පාදවලට ආරෝපණය වුනාම ඉතාම සුන්දරයි.

රාගාධික බව

කාන්තාවකගේ නිරුවත් දෙපා කියන්නේ යුවල සම්බන්ධයකදි දෙදෙනා ආතර කායික සහ මානසික සබඳතාවය ඉතා ඉහළින් පවත්වාගෙන යන්න වඩාත් උපකාරී වන දෙයක්. පිරිමින් බොහෝ දෙනෙක් කැමතියි සුන්දර දෙපා හිමි කාන්තාවන්ට. ඒ වගේම ඒ නිරුවත් දෙපා නිතර දකින්න, ස්පර්ශ කරන්න ඒවා ලස්සනට තබාගන්නට උදව් කරන්න ඔවුන් කැමතියි.

ඊට අමතරව කාන්තාවන් නිදා සිටින මොහොතේ නිරුවත් දෙපා දැකීම, නර්තනයන්හීදී හෝ සාමාන්‍ය වෙලාවට ලාලිත්‍යයෙන් චලනය වන ස්ත්‍රී දෙපා කියන්නේ රාගාධික බවේ සංකේතයක්.

කලා උල්පතක්

කාන්තාවන්ගේ පාද පදනම් කරගෙන ලියවුණු කවි, කතා, නිර්මාණ වගේම ගීත, චිත්‍රපට හෝ ඡායාරූප ප්‍රමාණය අති විශාලයි. කාන්තාවන්ගේ පාද පමණක් ඡායාරූප ගතකරන ඡායාරූප ශිල්පීන් පවා ලෝකයේ ජීවත් වෙනවා. ඒ නිසා කාන්තාවකගේ සුන්දර දෙපා කියන්නේ කලාවේ උල්පතක් වගේම කලා නිර්මාණ ගණනාවකින් ඇගයුම් ලද අංගයක්.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com