මාතර දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරක් මත 27 දා රාත්‍රියේ රාත්‍රි. 12 .00 ට පමණ එම පොලිස් නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී සිගරට් සන්තකයේ තබාගත් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත .
වැලිගම පොලිස් බල ප්‍රදේශයේ වෙරළට ආසන්නයේ අලුතෙන් ඉදි කළ සංචාරක හෝටලයක ෆේස් බුක් සාදයක් පැවැත්වීමට කටයුතු කර ඇත. එහිදී රාත්‍රි 12.00 ට පමණ පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානය වටලන අවස්ථාවේදී එක් පුද්ගලයෙකු සන්තකේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය මිලි ග්රෑම් 320ක් M.D.M මත්ද්‍රව්‍ය මිලි ග්රෑම් 120ක් සහ තීරු බදු නොගෙවන සිගරැට් විශාල ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත්වී ඇත.
මෙම මත්ද්‍රව්‍ය සාදයට කොළඹ ප්‍රදේශයේ පදිංචි සුපිරි පැලැන්තියේ තරුණ තරුණියන්ද විශාල පිරිසක්කු සහභාගී වී සහභාගි වී ඇති බවට ඇතැම් අය කල් ඇතිව ඉන් පිටත්ව ගොස් ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ . පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු පොලිස් අධිකාරී 1 වයි . එල්. ලීලවංශය මහතාගේ උපදෙස් පරිදි මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.වී. උදිත කුමාර මහතා ඇතුළු නිලධාරීන් නිලධාීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත .සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .