www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රටම ගිණිතියන කවුද මේ අශේන්


2019-07-23 12:07:05 -  343 යි

"අර අශේන්....!!!..."

එහෙම කිව්වම දන්න අය වගේම හාංකවිසියක් වත් දන්නෙ නැති අයත් හිටියා.සමහරු කිව්වා 

"එයා මාර පොරක් ...."

කියලා.

සමහරු කිව්වා

"ඌට පිස්සු .."

කියලා.හැබැයි අශේන් කවුරු උනත් මේ සමාජයෙ තියපු බෝම්බ පත්තු වුණා.ඒවයින් මේ සමාජය දෙදුරුම් කෑවා.සමහර ප්‍රතිරූප කඩාගෙන වැටුණා.සමහර තැනක වහලා තිබුණා වැට කඩුලු ඇරුණා.සමහරු වැට වෙනුවට පවුරු බැඳගත්තා.ඔහු ඉතාම අනවශ්‍ය දේවල් වලට වගේම අත්‍යාවශ්‍ය ඒවට හොට දැම්මා.මේ වෙලාවෙ අශේන් එක්ක රන්ජන් රාමණායක කියපු කතාවක් බරපතල තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ.ඒක හරි ද වැරදි ද කියන එක සහ අශේන් පොරක් ද කියන එකත් ඔබ තීරණය කරන්න.
   දේශපාලකයො හප්පන,හාමුදුටුවරු අවුස්සන වටෙන්ම ප්‍රශ්ණ කරමින් යන අශේන්ගෙන් මව් රට අපි ප්‍රශ්ණ කරන්න තීරණට කළා.ඔහු අපිට උත්තර දුන්නා,
මෙන්න මේ විදියට.

අශේන් කියන්නෙ කවුද?

මම යූ ටියුබර් කෙනෙක්.

වයස කීය ද?

විසිදෙකයි.

මේ කරන වැඩ හරි ද?

ඔව් මම හිතන්නෙ නෑ වරදක් තියෙනවා කියලා.

අශේන්ට මේක කරන්න ඕන වුණේ ඇයි?

මට ඕන වුණා මුලින්ම මාධ්‍යවේදියෙක් වෙන්න.මම මුලින්ම එක්තරා ජාතික පත්තරයක වැඩ කළා.ඒත් ඒක හරි ගියෙ නෑ.ටී.වී.වල්න් මට තැනක් හම්බුනේ නෑ.මට ඕනැ වුණේ පොරක් වෙන්න.මම ඒක කළා.

දැං පොරක් ද?

ඔව් මම දැං පොරක්

සල්ලි ද ප්‍රසිද්ධිය ද ඕනැ උනේ?

මට ඕන වුණේ ප්‍රසිද්ධ වෙන්න.හැබැයි දැං මම සල්ලි හොයනවා.මට දැං රට ඇතුලෙ මිලක් තියෙනවා.

දැං බ්‍රෑන්ඩ්ඩඩ් ද?

ඔව් මම ඩ්‍රෑන්ඩ් එකක්.

බ්‍රෑන්ඩ් එකේ කොලිටි එක කොහොම ද?

ඒක එක එක විදියයි.ඇන්ටිලා අන්කල්ලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා මාව එක එක විදියට තේරුම් ගන්නවා.සමහරු මට මාරයි කියන කොට තවත් අය පිස්සෙක් කියනවා.

මිනිස්සු බනින එක ඉවසන්නෙ කොහොම ද?

මට තාම අවුරුදු විසිදෙකයි.හැබැයි මට බැනුම් අහලා පුරුදුයි.මම හිතන්නෙ ඒක මගෙ ජාන වලින්ම එන දෙයක්.

සමාජ ජාල වලින් හොඳටෝම ගහනවා.
එතකොට දුකක් හිතෙන්නෙ නැද්ද?

මගෙ ගැන නෙමෙයි මට සමජෙ ගැන දුක හිතෙනවා.ඇයි මිනිස්සු මෙච්චරම සාම්ප්‍රදායික විදියට හිතන්නෙ කියලා හිතෙනවා.මිනිස්සු ලෝකෙට සාපේක්ෂව දියුණු වෙන්නෙ නැතිඑක ගැන ඇත්තටම මට තියෙන්නෙ කනස්සල්ලක්.

හැබැයි ඔබ නිතරම තෝරගන්නෙ සමාජයෙ ප්‍රකට පුද්ගලයන්

ඔව් මම ඒ ඒ කාළයට අදාළවැ විවිධ පුද්ගල චරිත තෝරගන්නවා.ඒකට රන්ජන් රාමනායක ද කොටුවෙ හාමුදුරුවො ද නැත්නම් සමන්ත භද්‍ර හාමුදුරුවො ද කියලා අදාළ නෑ.

රන්ජන්ලා ඔබව පාවිච්චි කරනවා කියලා හිතෙන්නෙ නැද්ද?

නෑ.මට න්‍යාය පත්‍ර නෑ.රනිල් ද මහින්ද ද ⁣ෛමත්‍රී ද කියලා මට අදාළ නෑ.

එහෙම නෙමෙයි .රන්ජන් ඕක  රූපවාහිණී නාලිකාවක කිව්වා නම් ඒක කපනවා.ඒත් ඔබ ඒක දානවා.ඒ නිසා ඔබව පාවිච්චියට ගන්නවා.

නෑ,ඒක එහෙම කියන්න බෑ.මොක ද මේක පැය ගාණක කතාවක්.මම ඒකෙ සමහර ඒවා කැපුවා.සමාජයට මතු වෙන්න ඕන කියන ඒවා මම ඉතිරි කළා.

ඒ කියන්න මේ හාමුදුරුවන්ගෙ ප්‍රශ්ණය ඔබ හිතාමතා ඇති කරපු එකක්.

 මම භික්ෂූන් වහන්සේලාට බුද්ධාගමට ගරු කරන කෙනෙක්.මගෙ අම්මා බුද්ධාගමේ.
මගෙත් එක්ක කතා කරනා අය හිතන පතන විදිය ගැන මම වගකියන්නෙ නෑ.ඒක මට අදාළත් නෑ.


මේ කරන වීඩියෝ වල අන්තර්ගතට තීරණය කරන්නෙ කවුද?

මම

ඔබට ඉහළින් දේශපාලන හෝ ව්‍යාපාරික බලවේගයක් නෑ.

නෑ එහෙම කිසිම එකක් නෑ.

මේ රූපවල පදනම මොකක් ද?

මම සීයට සීයක්ම රටේ සිවිල් නිතියට යටයි.
ඒ වගේම යූ ටියුබ් එකේ තියෙනවා යූ ටියුබ් ගයිඩ් ලයින්ස් කියලා ජාතියක්.මම ඒවට අනුවයි වැඩ කරන්නෙ.ඒ වගේම මගෙ කණ්ඩායමක් ඉන්නවා.මම ඔවුන් එක්කත් කතා කරනවා.කරලා හොඳම දේ එළියට දානවා.

මේ විදියට හදපු වීඩියෝ වලින් පත්තු වුණේ මොනව ද?

කොල්ලො කෙල්ලො දිහා බලන එක ගැන මම කතා කරපු එක.ඒක ලොකුවට සමාජයේ කතාවබහට ලක්වුණා.ඇත්තටම ඒක කතාබහට ලක්වියයුතු දෙයක්.මම හිතනවා ඒක අවශ්‍ය ප්‍රමාණයටත් වඩා උණා කියලා.

මේ හදන්නෙ සමාජය හදන්න කියනවා.
හැබැයි ඒකෙන් සමාජයට රිදෙනවා.

දොරමඩලාවට,සටනට එන විද්වත් මණ්ඩලයක් මේ කතාවම වෙන විදියකට කියනවා.හැමෝම සන්තෝසෙන් අහගෙන ඉන්නවා.රෑ නිදාගෙන නැගිට්ටම මිනිස්සුන්ට මෙලෝ ලබ්බක් මතක නෑ.
  මම ඒකම වෙන විදියකට කියනවා.මිනිස්සුන්ට රිදෙනවා.ඒ නිසා හැදෙනවා.ඒ නිසා මේකෙ වරදක් නෑ.
මම හිතනවා මිනිහෙක් වරදක් කරන්න කලින් දෙපාරක් හිතන තැනකට අපි සමාජය ගෙනාවා කියලා.

ඔබට දේශපාලනයක් තියෙනව ද?

මට දේශපාලනයක් තියෙනවා.මගෙ අම්මට තාත්තට සීයට එයාලා ඡන්දෙ දෙන දේශපලාන පක්ෂ තියෙනවා.මටත් ඡන්දය දෙන පක්ෂයක් තියෙනවා.හැබැයි මම හිතනවා දැං ලංකාවෙ අලුත් දේශපාලන ප්‍රවාහයක් නිර්මාණය විය යුතුයි කියලා.

වගකීමෙන් ද කියන්නෙ
ඔබ කිසිම පක්ෂයකට කඩේ යන්නෙ නෑ කියලා?

ඔව් මම එහෙම කඩේ ගිහිල්ලත් නෑ,යන්නෙත් නෑ.මම රනිල්ටත් බනිනවා,
මහින්දටත් බනිනවා මෙත්‍රීටත් බනිනවා.මම කිසිම දේශපාලනයකට,ආගමකට,ජාතියකට,ලිංගිකත්වකය යටත් වෙන්නෙ නෑ.මිනිසා ස්වභාවයෙන් දේශපාලනිකයි.ඒ වගේම බලයට,මුදලට සහ ලිංගිකත්වට කෑදරයි.
නමුත් මම ඒ හැම වැට කඩුල්ලක්ම පැනලා ඉන්නෙ.මම කිසිවෙක්ට කිසිවකට කඩේ යන්නෙ නෑ.

දේශපාලන කණ්ඩායක් වලින් ආරාධනා ලැබිලා තියෙනව ද?

නෑ.ඒ කියන්නෙ ඡන්දය ඉල්ලන්න කියලා වගේ නෑ.නමුත් මල්ලි අපිට උදව් කරහං,අපි ගැන කන්ටෙන්ට් හදපං කියන අය නං ඕනැ තරම් ඉන්නවා.

ඔබ කවදා හරි ඡන්දෙ ඉල්ලයි ද?

ඔව් මම ඡන්දෙ ඉල්ලනවා.

සමාජ ජාල තනම් කිරීම් අවහිර කිරීම් ගැන මොකක් ද මත ය.

සමාජ ජාල බ්ලොක් කරනවා වගේ යූ ටියුබ් බ්ලොක් කරන්න ලේසි වෙන්නෙ නෑ.එහෙම කරලා මිනිස්සු අඳින පළඳින හිතන පතන විදියට සීමා පනවන්න බෑ.නමුත් රටක් යම් අසීරු අවස්තාවක ගන්න තීන්දු වලට අපිට එකඟ වෙන්න වෙනවා.හැබැයි ඒ හරහා උත්සහ කරන්නෙ ප්‍රකාශනයේ නිදහසට සීමාපනවන් අ නං මම සෑම විදියකින්ම ඊට එරෙහිව නැගී සිටිනවා.

ඔබ ඉරාජ්ගෙ ගෝලයෙක් ද?

කිසි සේත්ම නෑ.ම්මා ඉරාජ්ගෙ මතවාදයට හෝ දේශපාලනයට කිසි සේත්ම එකඟ නෑ.

ඔබට මිය ගිය දේශපාලකයෙක් එක්ක වීඩියෝවක් කරන්න ලැබුණොය්කාව ද තෝරගන්නෙ

ඩී.එස් සේනානායක මහත්තයා,රණ්සිංහ ප්‍රේමදාස මහත්තයා සහ මම කැමතියි අනගාරික ධර්මපාලතුමා එක්කත් කතා කරන්න.

ඉන්න අයගෙන්?

මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක වීඩියෝවක් කරන්න කැමතියි.හොරෙක් කිව්වත් නරකයි කිව්වත් ඔහු ලංකාවෙ දේශපාලන වීරයෙක්.අදත් ඔහුට රටේ මිනිස්සු අප්පච්චි කියනවා.
-- 
ජීවන පහන් තිළිණ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com