ශ්‍රී ලංකා නාවික හමුදාව ඉකුත් 10 සහ 11 යන දිනවලදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා හා කලාපයේ ත්‍රස්ත සංවිධානයක් අතර සබඳතා පවතින බවට තොරතුරු ලැබී ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරනවා.
පාකිස්තානය කේන්ද්‍ර කරගිනිමින් ක්‍රියාත්මක වන ලක්ෂාර් ඊ තයිබා සංවිධානය හා එම බෝට්ටු අතර සබඳතා පවතින බව එම ආරංචි මාර්ග පවසනවා.
ශ්‍රී ලංකා රජය හා නාවික හමුදාව සමඟ කලාපයේ රටවල් බුද්ධි තොරතුරු හුවමාරු කරගන්නා බවත් අදාළ ධීවර යාත්‍රා සම්බන්ධයෙන් ද අසල්වැසි රටවල් තොරතුරු හුවමාරු කරගත් බවත් එම ආරංචි පැවසුවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව ඉකුත් දා 11 වැනිදා ඉරාන ජාතිකයන් 9 දෙනකු සමඟ හෙරොයින් යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ 60ක් අත්අඩංගුවට ගත්තා.
ඊට පෙර හෙරොයින් යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය පාර්සල් කිහිපයක් සමඟ ශ්‍රී ලාංකිකයන් සිවුදෙනෙක් ද නාවික හමුදා අත්අඩංගුවට පත්වුණා.
මත්ද්‍රව්‍ය ජාවාරම හා ත්‍රස්තවාදය අතර සබඳතා පවතින බවත් ත්‍රස්තවාදයට මූල්‍ය පහසුකම් සපයන ප්‍රධාන මාර්ගයක් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම බවත් එම රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරනවා.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලයට අනුව ලෝකයේ කංසා වගාවෙන් සියයට 86ක් සිදුවන්නේ ඇෆ්ගනිස්තානයේ වන අතර ඉන් වැඩි ප්‍රදේශයක් පවතින්නේ තලේබාන් ත්‍රස්ත සංවිධානයේ පාලනය යටතේයී.