www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඉහළ කොත්මලේ වාන් දොරටු 05ක් ඇරෙයි


2019-07-19 00:20:12 -  154 යි

මධ්‍යම කඳුකරයට අද (18) අළුයම් කාලයේ සිට ඇඳ හැලෙන ධාරා නිපාත වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 05ක් විවෘත්ත කර ඇති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පවසයි.

ජලාශයේ වාන් දොරටු විවෘත්ත වීමත් සමඟ ඩෙවෝන් දිය ඇල්ලේද ජලය වැඩි වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

කොත්මලා ඔයේ ජලය වැඩි විම හේතුවෙන් ඔයේ ජලය පරිහරණය කරන ජනතාවට විමසිල්ලලෙන් සිටන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් අපදා කළමණාකරන අංශය ඉල්ලා සියිටි.

අධික වර්ෂාව හේතුවෙන් ශාන්ත ක්ලෙයාර දිය ඇල්ලේද ජලය වැඩිවී ඇති අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට පවතින අධික වර්ෂාවත් සමඟ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බව අප වාර්තාකරු පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com