www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අවුරුදු 10ක් කොරියාවේ රැකියාවක් කරලා ඇවිත් කසිප්පු පෙරලා


2019-07-18 08:00:04 -  363 යි

වසර 10කට අධික කාලයක් කොරියාවේ රැකියාවක නිරතව වසර කිහිපයකට ඉහතදී මෙරටට පැමිණි පුද්ගලයකු වීදියගොඩ ඇළ ඉවුරේ කසිප්පු පෙරීමට සූදානම් වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.

එම පුද්ගලයා සමඟ කසිප්පු පෙරීමට යොදා ගන්නා බැරල් පහක අඩංගු ගෝඩා මිලිලීටර් දස ලක්ෂ විසිහත් දහස් පනහක්, තඹ දඟරයක් පොලිසිය භාරයට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය. 

රාත්‍රි කාලයට වීදියගොඩ විහාරස්ථානය ආසන්නයේ ඇළ ඉවුරේ කිසියම් පුද්ගලයකු කසිප්පු පෙරෙන බවට පානදුර කොට්ඨාස බුද්ධි ඒකකයේ පොලිස් සැරයන් අජිත් (53665) මහතාට ලද තොරතුරකට අනුව වැටලීම කරන්නේ මොරගහහේන පොලිසියේ නව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.ආර්.පී.කේ. නිශ්ශංක මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ඇළ ඉවුරට ආසන්නම කැලෑව තුළ පැය කිහිපයක් සැඟව සිටියදී මැත්පැන් පෙරීම සඳහා සැකකරු පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය. 

කොරියා රටේ වසර 10ක් රැකියාව කර මීට වසර කිහිපයකට පෙර මෙරටට පැමිණ ව්‍යාපාරයක නිරතව සිටි මෙම පුද්ගලයා සතුව ලොරි දහසයක් තිබී ඇතැයි කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය. 

ඔහු පවත්වාගෙන ආ ව්‍යාපාරද පාඩු ලබා ඔහු සතුව තිබූ සියලුම ලොරි එකින් එක විකුණා දැමීමටද සිදුවූ බව ඔහුගේ ප්‍රකාශයකින් හෙළි වූ බවත් ඒ බව සොයා බැලීමේදී එය සනාථ වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය. 

මේ වන විට කුඩා ලොරියක් පහසු ගෙවීමේ ක්‍රමය මත මිලදී ගෙන එහි වාරික ගෙවීම සඳහා කසිප්පු පෙරීමට පෙලඹුණු බව එම පුද්ගලයා වැඩිදුරටත් පැවැසී යැයි පොලිස් නිලධාරියකු පැවැසීය.  අත්අඩංගුවට පත් පුද්ගලයා හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

 

කොළඹ - එම්.සීි. පෙරේරා 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com