www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

15 හැවිරිදි දැරිය අපයෝජනය කළපුද්ගලයෙකුටම කාති උසාවිය මඟින් ඇය විවාහ කරදීලා... ඔහුට තව බිරිදක් හා පෙම්වතියක් දරුවෙක් ඉන්නවා.


2019-07-17 20:30:18 -  277 යි

15 හැවිරිදි තම දියණිය අපයෝජනය කළ පුද්ගලයෙකුටම කාති උසාවිය මඟින්  ඇය විවාහ කරදුන් බවට පියෙකු අද මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී චෝදනා කළේය.

ඔහු පෙන්වා දෙන්නේ කාති උසාවියෙන් මුස්ලිම් කාන්තාව දැඩි අසාධාරණයකට ලක්වන බවයි. 

අනන්‍යතාව හෙළි කිරීමට අකමැති දහසය හැවිරිදි මෙම දැරිය මේවන විට ගැබිණියක් බව වාර්තා වෙයි.

තම දියණිය 15 හැවිරිදි වියේදී කිසියම් පුද්ගලයෙකු විසින් අපයෝජනයට ලක්කළ බව ඇයගේ පියා පැවසීය.

ඒ සම්බන්ධයෙන් සාධාරණයක් ඉල්ලා කාති උසාවියට ගිය මව්පියන්ට  සිදුව ඇත්තේ තම දියණිය ස්ත්‍රී දූෂිතයාටම භාරදිමටයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දැරියගේ පියා මේ බව පැවසීය.

ක්ලාස් යන වෙලාවේ දැකලා එක්කගෙන ගිහිල්ලා පේරාදෙණිය පාරේ ගාර්ඩ්න් එකට එක්කන් ගිහිල්ලා දුවත් දන්නේ නෑ. මේවා කරලා වීඩියෝ කරලා. ඊට පස්සේ මගේ නෝනා කාති එකට ගියා. කාති එකට ගිහිල්ලා බන්දවලා දෙන්නවම. 

ඒ වුණාට මම කැමති නෑ. මම නම් අත්සන් කරන්නේ නෑ කිව්වා. ඊට පස්සේ බැන්ඳා. රෙජිස්ටර් කරලා ඉවරවුණාට පස්සේ ඒ කොල්ලගේ අම්මා කිව්වා මෙයාට තව ගෑණියෙකුත්, කෙල්ලෙකුත් ඉන්නවා. එයාට තව ළමයෙකුත් ඉන්නවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com