www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වැලිගම නගරයේ වසර 100 කට වැඩි බුදු පිළිමයට හානි කරලා


2019-07-17 10:30:26 -  395 යි

වැලිගම - අබේවික්‍රම 
 
 ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම නගරයේ රෙස්‌ට්‌ හවුස්‌ හන්දියේ පිහිටි වසර 100කට වඩා පැරණි බව කියන බුදු මැඳුරේ පිහිටි බුදු පිළිමයකට කිසියම් පුද්ගලයකු විසින් දැඩි ලෙස හානි සිදුකර ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
 
 මෙම බුදු පිළිමය අඩි දෙකක්‌ පමණ වන අතර මෙම ස්‌ථානයේ ගමන් කරන බොහෝ පිරිසක්‌ දිනපතා වන්දනාමානයට ලක්‌වන ස්‌ථානයක්‌ ලෙස ප්‍රසිද්ධියක්‌ උසුලයි. දෛනිකව ලැබෙන ආධාර සහ මෙම ස්‌ථානයේ දියුණුව සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක්‌ අතර පවතින මත බේදයක්‌ ඒ සම්බන්ධයෙන් වැලිගම පොලිsසිය වෙත පැමිණිලි ලැබී තිබූ බව පොලිසිය පවසයි.
 
 එම පුද්ගලයන් අතර පැවැති බව කියන සිද්ධිය පදනම් කරගෙන කිසියම් පුද්ගලයකු විසින් මෙම පිළිමයට හානි සිදුකරන ලද බවට පොලිසිය විශ්වාස කරයි. නැතහොත් පෙදෙසෙහි පවතින සාමය බිඳ දැමීම සඳහා යම් ගැටුමක්‌ ඇති කිරීමේ අරමුණින් මෙම බුදු පිළිමයට හානි සිදු කළා ද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන අතර මෙම අපරාධය සම්බන්ධයෙන් මෙවනවිට කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් අපරාධයට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ගයංග හසන්ත මාරපන මහතාගේ උපදෙස්‌ හා නියෝග මත තවදුරටත් ස්‌ථානීය අපරාධ විමර්ශන මාතර ඒකකයේ සහාය මත වැලිගම - පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති එච්. එම්. ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් වැලිගම පොලිසිය ඇතුළු පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ පරීක්‌ෂණ මෙහෙයවති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com