www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දෙවැනි බිරිඳ සමග නිදාගෙන සිටිද්දී පළමු බිරිඳ ඇවිත් පිහියෙන් ඇණලා


2019-07-15 15:42:15 -  334 යි

බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත්  උලුපිටිය  ප්‍රදේ්ශයේ  නිවසකට  ජනේලයකින් ඇතුළු වු කාන්තාවක් එම නිවස තුළ නිදා සිටි පුද්ගලයකුට ⁣පිහියෙන් ඇණ එම පුද්ගලයාගේ බිරිඳගේ අත්බැගය සොරකමි කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.

පිහි ඇණුමෙන් තුවාල ලැබු බලන්ගොඩ උලුපිටිය ප්‍රදේශයේ පදිංචි හතලිස් තුන් හැවිරිදි පුස්ගලයා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර මහරෝහල වෙත මාරැකර යවා තිබෙනවා.

පිහි ඇණුමෙන් තුවාල ලැබු පුද්ගලයා  පළමු  විවාහයෙන්  වෙන්  වි ඇති  අතර  දෙවැනි විවාහක බිරිඳ සමග මෙලෙස අද (15) අලුයම නිවසේ ඇඳ උඩ නිදාගෙන සිටින අවස්ථාවෙිදි  එම පුද්ගලයාගේ පළමු බිරිඳ පැමිණි නිවසේ ජනේලයේ ඉටිරෙදි ඉරා නිවසට ඇතුළු වි එම පුද්ගලයාට පිහියෙන් ඇණ තිබෙනවා.

ඉන් අනතුරැව ඇඳ උඩු තිබුණ අත්බැගය සොකමි කර ගෙන  ගොස් තිබෙන අතර එහි රැපියල් නවදහසක් වටිනා රත්‍රං භාණ්ඩ සහ රැපියල් පන්සියයක මුදල් තිබුණි බවට පොලිසිය වෙත පැමිණි කර තිබෙි. සිද්ධිය සමිබන්දයෙන් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනිිම  සදහා  බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.ඒ.ආර්.පි. අමරතුංග  මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් පරික්ෂණ පවත්වනවා.

නලින්ද වලේබොඩ 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com