www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බදියුදීන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු යළිත් අමාත්‍යධූර භාරගනියි.


2019-07-12 07:46:12 -  263 යි

 

අත්හරින ලද සිය අමාතය්‍යධූර, රාජ්‍ය අමාත්‍යධූර හා නියෝජ්‍ය අමාත්‍යධූර නැවත භාර ගැනීමට මුස්ලිම් මහජන නියෝජිතයින් තිරණය කර තිබෙනවා. ඊයේ (11) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අමීර් අලී පැවසුවේ.

මුස්ලිම් මහජන නියෝජිතයින් අමාත්‍යධූර, රාජ්‍ය අමාත්‍යධූර සහ නියෝජ්‍ය අමාත්‍යධූර අත්හැරියේ ඉකුත් ජුනි මස 03වනදායි. මුස්ලිම් වැසියන්ට සිදුවන පීඩා සහ රිෂාඞ් බදියුදීන්, අසාද් සාලි හා එම් එල් ඒ එම් හිස්බුල්ලා යන අයට ඉදිරිපත් වී තිබූ චෝදනා සැලකිල්ලට ගෙන එම චෝදනා පිළිබඳ විමර්ශනවලට පහසුවක් වීම සඳහා මෙලෙස සිය තනතුරු අත්හැරි බව ද ඔවුන් පැවසුවා.

කෙසේවෙතත්, තනතුරු අත්හරින ලද කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහජන නියෝජිතයින් ඉකුත් ජුනි 19වනදා යළි සිය අමාත්‍යධූරවල වැඩ භාර ගත්තා. ඒ, මහානායක හිමිවරුන් විසින් ඉකුත් ජුනි 11වනදා  කරන ලද ඉල්ලීමක් අනුවයි. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com