www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පල්ලියේ ලෙබ්බේ දුෂණය කළ මුස්ලිම් කාන්තාවකගේ පාපොච්චාරණය


2019-07-10 14:38:03 -  938 යි

යාගයක් සිදු කරණ මුවාවෙන් නිවසට පැමිණ මුස්ලිම් පල්ලියේ ලෙබ්බේ තමාව දුෂණය කළ බව පවසමින් මුස්ලිම් කාන්තාවක් අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හැර තිබෙනවා.

මේ සිදුවීම පිළිබඳව අපසිදුකල සොයා බැලීමකදී වාර්තා වුවේ අදාළ කාන්තාව තරුණ වයසේදී සිංහල තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීම හේතුවෙන් යාගයක් සිදුකර එම ප්‍රේම සම්බන්ධය නැති කර දැමීම සඳහා ලෙබ්බේ වරයා දෙමව්පියන් විසින් නිවසට රැගෙන විත් ඇති බවයි.

එම අවස්ථාවේදී නිවැසියන් කාමරයෙන් ඉවත් කර, දොර වසාගෙන, යාගය සිදුකරණ බව නිවැසියන්ට අඟවා මෙම කාන්තාව දුෂණය කර තිබෙනවා. මෙම සිදුවීමෙන් පසුව ප්‍රේම සම්බන්ධය තිබූ සිංහල තරුණයා ඇයව විවාහ කරගෙන කැනඩාවේ පදිංචියට ගොස් තිබෙනවා. මේ වන විට ඔවුන්ට දරුවන් දෙදෙනකු සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

තමාව ලෙබ්බේ විසින් දුෂණය කළ බව දෙමව්පියන්ට පැවසීමෙන් පසුව ෂරියා නීතියට අනුව කසපහර ලබා දී නැවත තමාව ආගමට ගැනීමට පුළුවන් යැයි දෙමව්පියන් පැවසූ බව අදාළ කාන්තාව 2015 වසරේදී නෙත් FM බැලුම්ගල වැඩසටහනට පවසා තිබෙනවා.

වීඩියෝව මෙතැනින්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com