www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂය එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කරන්නැයි ඇමෙරිකාවෙන් ඉල්ලයි


2019-07-10 11:06:35 -  259 යි

යුද්ධය නිමාවීමෙන් පසුව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මේ වන තෙක් කිසිදු නීති විරෝධී ක්‍රියාවක හෝ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක නිරත වී නැති බැවින් එය සැලකිල්ලට ගනිමින් පනවා ඇති එල්ටීටීඊ තහනම ඉවත් කරන්නැයි ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය ඇමෙරිකාවෙන් ඉල්ලා තිබේ. එල්ටීටීඊ සංවිධානයේ පුනරුත්ථාපනය වූ හිටපු සාමාජිකයන්ගේ පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය හා ඇමෙරිකාවේ විදේශ කටයුතු පිළිබඳ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගියදා යාපනයේදී පැවැත්වුණු අතර එහිදී මෙම ඉල්ලීම සිදු කර ඇත. 

මෙහිදී පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව උතුරේ දේශපාලන වාතාවරණය හා එම පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත.

දෙමළ ජනතාවගේ ගැටලු විසදා ගැනීමේ කාර්යය සම්බන්ධයෙන් තමන්ට තිබෙන අවිශ්වාසය මෙහිදී පෙන්වා දී ඇති එම පක්ෂය 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම ජාතික ගැටලුව විසඳීමේ මූලික පියවරක් ලෙස භාරගත හැකි යැයි තමන් පෙන්වා දෙන බවද ඇමෙරිකානු නියෝජිතයන් හමුවේ කියා තිබේ.

දෙමළ නායකයන්ගේ ක්‍රියාකාරිත්වයේ අසාර්ථකත්වය දෙමළ ජනතාවගේ ගැටලු විසදා ගැනීම කඩාකප්පල් කර තිබෙන අතර දෙමළ ජනතාවගේ සාධාරණ අභිලාෂයන් ඉටුකර ගැනීමට ඇමෙරිකාවේ රාජ්‍යතාන්ත්‍රික සහාය ලබාදෙන ලෙසද එම පක්ෂය මෙහිදී ඇමෙරිකානු නියෝජිත පිරිසගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. මෙම හමුවට විශේෂ සිදුවීම පිළිබඳ ඇමෙරිකාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ ජේ‍යෂ්ඨ නිලධාරි ඩේමියන් මර්ෆි මහතා ඇතුළු පිරිසක්ද ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂය වෙනුවෙන් එහි මාධ්‍ය ලේකම් කේ. තුලසි මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com