www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ශ්‍රී ලංකාවේ සිංහල රාජ්‍යයක් බිහිවුවහොත් ඊට සමගාමීව දෙමළ රාජ්‍යයක්ද බිහි වෙනවා, සිංහල බෞද්ධ අන්තවාදීන් දැනගත යුතුයි


2019-07-10 08:52:38 -  303 යි

ශ්‍රී  ලංකාවේ සිංහල රාජ්‍යයක් බිහිකිරීමට උත්සාහ කළහොත් ඊට සමගාමීව දෙමළ රාජ්‍යයක්ද බිහිවන බව අන්තවාදීන් දැනගත යුතු බව දෙමළ ඊළාම් ප්‍රජාතන්තවාදී සංවිධානය හෙවත් ටෙලෝ පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ ලේකම් ශ්‍රී  කාන්තා මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ තමන් මේ බව සිංහල බෞද්ධ අන්තවාදීන් වෙත පෙන්වාදීමට කැමැති බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්ය.

ශ්‍රී  ලංකාව නැවතත් සිංහල රාජ්‍යයක් පිහිටුවිය යුතු බවට බොදුබල සේනා සංවිධානය මහනුවරදී සමුළුවක් පවත්වමින් ප්‍රකාශ කර ඇත.

ලංකාවේ සිංහල රාජ්‍යයක් බිහිවන්නේ නම් ඊට සමගාමීව දෙමළ රාජ්‍යයක්ද බිහිවන බව අවධාරණය කළ යුතුව තිබේ.

ඉස්ලාමීය මූලධර්මයට එරෙහිව සංවිධානයක් නමින් සිංහල බෞද්ධ අන්තවාදීන් නැඟී සිටීමට උත්සාහ දරන අතර 1956 රාජ්‍ය සංකල්පයෙන් පසුව තිස් වසරක යුද්ධයකට අඩිතාලම දැමුවේය.

මේ බව අමතක කොට නැවතත් අන්තවාදීන් කටයුතු කරමින් සිටියි. ශ්‍රී  ලංකාවේ ජාති භේද ආගම් භේදවලින් තොර රටක් නොවන බවට ප්‍රකාශ කිරීමට මෙම අන්තවාදීන් උත්සාහ දරමින් සිටියි.  

ලක්ෂ්මී ජයකොඩි

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com