www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

විග්නේශ්වරන් 400ක් එක්ක ගිහින් ගුරු කන්ද පන්සලේ නාම පුවරුව ගලවලා, CCTVගලවලා ලොකු හාමුදුරුවන්ට මරණ තර්ජන කරලා


2019-07-10 08:27:46 -  360 යි

උතුරු පළාතේ හිටපු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් ඉකුත්දා (6දා) ගුරුකන්ද පුරාණ රජමහ විහාරයේ පුරාවස්තුවලට හානි වන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මුලතිව් පොලිසියට සිදුකළ පැමිණිල්ලට මේ වනතුරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි හෙළ ජන බලය සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා  ඊයේ (9දා)පැවසුවා.

උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මාවෙයි සේනාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, එස්. ශ්‍රී ධරන්, ශිවශක්ති ආනන්දන් ආදීන් ඇතුළු 400ක පමණ පිරිසක් ඉකුත් 6දා ගුරුකන්ද රජමහ විහාරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි ගිනි මැළ 150ක් ගසා සිදුකළ පූජාවකින් වසර දහස් ගණනක් පැරැණි පුරාවස්තුවලට හානි සිදුව ඇතැයි බැල්ලන්තුඩාව මහතා කියා සිටී. 

අන්තවාදීන් රජමහ විහාරයට කඩා වැඳීම නිසා එදින සිදුකිරීමට නියමිතව තිබූ කඨින පූජෝත්සවය අතරමඟ නවතා දැමීමට සිදුවූ බවත් ඉවසිලිමත්ව කටයුතු කිරීම නිසා ගැටුමක් මඟ හැරුණු බවත් හෙතෙම සඳහන් කරයි. 

අන්තවාදී පිරිස මෙහෙයවන ලද උතුරේ දේශපාලනඥයන් විසින් වසර 2000කට වඩා පැරැණි ඉතිහාසයක් ඇති ගුරුකන්ද රජමහ විහාරය කඩා ඉවත් කොට එහි කෝවිලක් ඉදිකරන බවට ප්‍රකාශයක් නිකුත් කළ බවද එම අවස්ථාවේදී විහාරයේ කඨින පින්කමට සහභාගි වීමට එහි ගොස් සිටි බැල්ලන්තුඩාව මහතා පවසයි. 

රජමහා විහාරයේ නාම පුවරුව ගලවා ඉවත් කිරීම, ආරක්ෂක කැමරා ගලවා ඉවත් කිරීම විහාරාධිපති හිමියන්ට බැනවැදී මරණ තර්ජන සිදුකිරීම ආදී සිදුවීම්වලට ආදළව සිදුකරන ලද පැමිණිලි සම්බන්ධවද මුලතිව් පොලිසිය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව ඔහු කියා සිටී. 

මේ සම්බන්ධව මුලතිව් පොලිසියෙන් අප කළ විමසීමේදී ඔවුහු ඒ පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ.

සපුමල් ජයසේන 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com