www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දියණියට අතවර කළ සැකකරු පහත්ගම කොත්තු ගහද්දී වසර 7කට පසු කොටුවෙයි


2019-07-04 06:36:57 -  724 යි

මීට වසර 7 කට පෙරදී තම දියණියට ලිංගික අතවරයක් සිදු කොට සැගවී සිටි පුද්ගලයෙකු ඊයේ (2 වැනිදා) උදේ ගන්දර පොලිසිය මගින් හංවැල්ල පහත්ගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු එම ප‍්‍රදේශයේ කොත්තු කඩයක සේවය කරමින් සිට ඇත. අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකරු ඊයේම මාතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.
 
 මාතර පොලිස් අධිකාරී වයි. එල්. ලීලසේන හා ගන්දර පොලිස් ස්ථානාධිපති පො. ප. කපිල බණ්ඩාර යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. උ. පො. ප. අකලංග, කාන්තා උ. පො. ප. උත්පලා ඉෂානි, පො. සැ. 13683 වඩුගේ, පො. කො. 46183 ඒකනායක පො. කො. 55837 අබේසිංහ, පො. කො. 45334 අනුර යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

අම්බලන්ගොඩ විශේෂ - එස්. සෝමසිරි

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com