www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මවගේ 55හේ අනියම් පෙම අවුරුදු 15 ක පාසැල් සිසුවියට කරුමයක් වූ හැටි


2019-07-01 10:41:58 -  675 යි

වයස අවුරුදු 15 ක පාසැල් සිසුවියක් ස්ති‍්‍ර දුෂණයට ලක්කර ප‍්‍රදේශය හැරගොස් සිටින 55 හැවිරිදි සැකකරු සොයා පරික්‍ෂණ සිදුකරන බැවි බුලත්සිිංහල පොලිසිය කියයි.

බුලත්සිංහල මානානල ගෝවින්න ප‍්‍රදේශයේ පදිංචි පෙදරේරු වෘත්තියේ නියැලි සිටින ගුනෙත්ති පත්මසිරි නැමැත්තා අතවරයට ලක් සිසුවියගේ මව සමග මිට වසර තුනකට පමණ පෙර අනියමි පේ‍්‍රම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන නිවසට ආගිය අතරේ දියණියටද වරින් වර අතවර කර ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසියෙක් පරිවාස ළමා සහ කාන්තා කාර්යංශයට පෙත්සමක් මගින් දැනුම් දිමෙන් පසු බුලත්සිංහල පොලිසියට දැනුම්දිමෙන් අනතුරුව සැකකරු සොයා පරික්‍ෂණ ආරම්භ කල බැව් ජේ්‍යෂ්ඨ පොලිස් නිළධාරියෙක් පැවසිය.

අතවරයට පත් දැරිය බුලත්සිංහ ගෝවින්න මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන අතරල වෛද්‍ය පරික්‍ෂණ වලින් පසු ඇය තම මව භාරයේ සිටින බැවි පොලිසිය කියයි.

සැකකරු පෙදරේරු වෘත්තියේ නියැලිම සදහා වෙනත් ප‍්‍රදේශයකට ගොස් ඇති බැවි තොරතුරු අනාවරණයවී ඇති අතර, ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනිමට සැලසුම් කර ඇති බැවි පොලිසිය කියයි.

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක රංග පෙරේරා මහතාගේ උපදෙස් පරිදි කාන්තා උප පොලිස් පරික්‍ෂක රුවන්මාලි මහත්මිය ගේ ප‍්‍රධානත්වයෙන් කලුතර කොටිඨාශ අපරාධ ස්ථාන නිළධාරින්ද පරික්‍ෂණ මෙහෙයවයි.

පොතුපිටිය සුමිත් රණවක

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com