www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

භයානක ගමනක නිරත වූ පියා සහ දියණිය මිය යයි


2019-06-27 09:48:38 -  542 යි

මෙක්සිකෝ ද්‍ශෙසීමාව හරහා අමෙරිකාව වෙත සංක්‍රමණය වීමේ උත්සාහයක නිරත වෙමින් සිටි එල් සැලවදොර් ජාතික පියෙක් සහ දියණියකට අත්වූ ඛේදනීය ඉරණමක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
 
අමෙරිකාව බලා භයානක ගමනක නිතර වූ මේ පියා සහ දියණිය මියගොස් ඇත්තේ දියේ ගිලීමෙන්.

ඔවුන් මෙක්සිකෝවේ රියෝ ග්‍රාන්ඩේ සමීපයෙන් මැතමොරොස් නදියට බිළිවී තිබුණි.

මෙසේ මියගොස් ඇත්තේ එල් සැලවදොර් ජාතික ඔස්කා ඇල්බර්ටෝ නැමැත්තා සහ ඔහුගේ දෙහැවිරිදි දියණියයි.

දියණිය මියයන විට සිය පියාගේ කමිසය තුළ ගුලිවී සිටි ආකාරයත්, දෙදෙනා එකිනෙකාට ලංවී මියගිය සිටි ආකාරයත් දැක්වෙන සේයාරුවක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු විය.

බියර් සහ සෝඩා බෝතල් සමගින් සිරුරු ඉවුරට ගොඩගසා තිබුණු ආකාරය කාගේත් නෙත් අගට කදුලක් එක්කිරීමට සමත්වූ බව විදෙස් වාර්තා පවසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com