www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මීගමුව කළඹවමින් අහසට වෙඩි තැබුවේ ඇයි? - ඇත්ත කතාව මෙන්න


2019-06-26 19:25:02 -  364 යි

මීගමුව අධිකරණ සංකීර්ණයේ ඊයේ (25දා) පැවැති නඩුවකට ඉදිරිපත් කර නැවත බන්ධනාගාරය වෙත ගෙන යෑමට අධිකරණ ගොඩනැඟිල්ලේ පඩිපෙළ බැසීමට සූදානම් වන අවස්ථාවේ එම නිලධාරීන්ගෙන් මිදී පැන ගිය විදේශීය සැකකරුවන් තිදෙනකු නැවත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැනගිය පසු නැවත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නයිජීරියානු ජාතිකයකු හා පාකිස්තානු ජාතිකයන් දෙදෙනෙකි.  

මොවුන් තිදෙනා බරපතළ මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක්ව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් තිදෙනෙකි. 

ඊයේ (25දා) පෙ.ව. 9.00ට පමණ ඔවුන් බන්ධනාගාර රියෙන් මීගමුව අධිකරණයට රැගෙන විත් තිබේ. නඩු කටයුතු නිමාවී නැවත පෙ.ව. 10.30ත් 11ත් අතර කාලය තුළ දී මීගමුව බන්ධනාගාරය වෙත ගෙන යෑමට එම සැකකරුවන් වෙනත් සැකකරුවන් ද සමඟ ගොඩනැඟිල්ල ඉදිරිපිට පෙළ ගස්වා සිටියදී මොවුන් තිදෙනා අසල වැටෙන් පැන ගොස් තිබෙනවා..

නයිජීරියානු ජාතිකයා කෙළින් වීදිය ඔස්සේ ද පාකිස්තානුවන් මීගමුව කළපුව දෙසටද දුව යන විට බන්ධනාගාර හා පොලිස් නිලධාරීන් ජනතා සහාය ඇතිව ඔවුන් අල්ලා ගෙන තිබේ. මේ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි කිහිපයක් ද තබා තිබෙනවා. 

මීගමුව පොලිසිය හා මීගමුව බන්ධනාගාරය එක්ව යළි අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com