www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බලපත්‍ර නොමැති සන්නිවේදන මධ්‍යස්ථානයක තිබී සිම් කාඩ් 1764ක්, ජංගම දුරකථන 30ක් ඇතුළු සැකකටයුතු භාණ්ඩ රැසක් සොයාගැනේ


2019-06-26 19:14:57 -  136 යි

මුල්ලේරියාව ගල්හේන පාර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අද බලපත්‍ර නොමැතිව නොමැතිව සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සැකපිට පිලිපීන ජාතික කාන්තාවක් හා ඇයගේ ශ්‍රී ලාංකික සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමීර ඉන්ද්‍ර කුමාර නම් 36 හැවිරිදි පුද්ගලයෙක් හා අම්රූම් සන්තෝසා නම් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්නකිරිම්වලින් අනාවරණය කරගන්නා ලද තොරතුරු මත අද දහවල් කඩුවෙල ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද බලපත්‍ර නොමැති සන්නිවේදන මධ්‍යස්ථානයක් වටලා තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ස්ථානයේ තිබී සිම් කාඩ් 1764ක්, ජංගම දුරකථන 30ක්, සිම් බොක්ස් 12ක්, ලැප් ටොප් එකක්, යතුරු පුවරු 7ක්, යූපීඑස් 7ක්, මවුස් 3ක්, නෙට් වර්ක් හබ් 8ක් සහ රවුටර් 7ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකාය වැඩිදුර විමර්ශන පවත්වන බවයි වාර්තා වන්නේ. 




  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com