www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හුංගම ධීවර වරායේ ගින්නක් - බෝට්ටු 40ක් විනාශයි (PHOTO)


2019-06-26 08:13:03 -  186 යි

තංගල්ල ,හුංගම ,ගුරුපොකුණ ධීවරවරායේ නවතා තුබූ බෝට්ටු 40 කට ආසන්න ප්‍රමානයක් පසුගිය 25 වනදා රාත්‍රී 11.45 පමණ හදිසියේ ඇතිවූ ගින්නක් හේතුවෙන් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

දිවාර වරාය තුල තුබූ වාඩියකට ගිනි ඇවිලී ඇතිබවට ලැබුණු තොරතුරකට අනුව දිවරයින් කීපදෙනකු එම ස්ථානයට රාත්‍රී 12 ට පමණ පැමිණ ඇති අතර ඒ වන විටත් ගින්න පැතිරෙමින් තුබූ නිසා හුංගම පොලිසිය දැනුවත්කර  තිබෙනවා 

අනතුරුව හුංගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රමුක නිලධාරීන් හා ප්‍රදේශ වාසින්ගේද සහයෝගය ඇතිව ගින්න නිවීමට කටයුතු කර ඇති අතර ඒ අතර පැමිණි තංගල්ල නගර සබාවේ ගිනි නිවීමේ බටයින්ද ගිනිනිවීමේ රථ දෙකක් බාවිතා කරමින් ගින්න නිවා දැමිට කටයුතු කර ඇති බව සඳහන්.

කෙසේ නමුත් ඒ වනවිටත් දීවර ආම්පන්න සමග රුපියල් ලක්ෂ විසක් පමණ වටිනා බෝට්ටු 40 කට ආසන්න ප්‍රමානයක් සම්පුර්ණයෙන්ම ගිනේගෙන විනාශ වී තිබේ එමන්ම තවත් බෝට්ටු 10 කට පමණ හානි සිදුවී ඇතිබවත් එම බෝට්ටුද දීවර කටයුතු සදහා බාවිතා කිරීමට නොහැකි බවයි කලමැටිය දීවර වරායේ දිවරයින් පවසා සිටියා.

කෙසේ නමුත් ගින්නට හේතුව මෙතක් අනාවරණ වී නොමැති අතර හුංගම පොලිසිය ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්බ කර තිබෙනවා.






  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com