www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මුස්ලිම් ජනයා අරභයා වෛරී ප්‍රකාශ කලොත් Facebook එකෙන් කරන්න යන දේ මෙන්න


2019-06-25 07:36:22 -  472 යි

ශ්‍රී ලංකාවේ පසුගිය දිනවල ලැව් ගින්නක් මෙන් සුළු ජන කොට්ටාශයක් වන මුස්ලිම් ජනයා අරභයා සමාජ මාධ්‍ය අඩවි හරහා විශේෂයෙන්ම ෆේස්බුක් අඩවිය හරහා වෛරී ප්‍රකාශන හුවමාරු වීම නිසා ශ්‍රී ලංකා රජය ෆේස්බුක් අඩවිය ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයකට කිහිප වතාවක්ම පිවිසීම අවහිර කළා.

මේ නිසා ෆේස්බුක් ආයතනය එවැනි ප්‍රකාශන යලි ෆේස්බුක් අඩවියෙහි පල නොකිරීමට, පණිවිඩ හරහා හුවමාරු කර ගැනීම වැළැක්වීමට නවතම පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය දන්වා සිටිනවා.

මේ සදහා වෙනම කණ්ඩායමක් පවා මේ වනවිට ස්ථාපිත කොට ඇති බවට ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ පවසනවා.

මේ අනුව ,

ෆේස්බුක් ප්‍රමිතීන් උල්ලංඝනය කරන ගිණුම් හා පෝස්ට් ඉවත් කිරීමට

මානසික ආතතීන් වැඩි කිරීමට හැකියාව ඇති පෝස්ටු ප්‍රචාරය වීම අඩු කිරීම සහ මානසික ආතතීන් අඩු කිරීමට යොදාගතහැකි ෆේස්බුක් හා අන්තර්ජාල නිෂ්පාදන පිලිබදව විශාල වශයෙන් ජනතාව දැනුවත් කිරීම

ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි අන්තර්ගතයන් පවතින පෝස්ටු පිලිබදව ජනතාව දැනුවත් කිරීමට හා වෛරී ප්‍රකාශන සහ අසත්‍ය තොරතුරු වලට එරෙහිව සටන් කිරීම

තම අරමුණු ලෙස සදහන් කරන අතර මෙම අරමුණු සඵල කරගැනීම සදහා ෆේස්බුක් තම භාෂාමය ගැටළු විසදා ගැනීම සදහා සිංහල පරිවර්තකයන්ගේ සහය ඉදිරියේදී නැවතත් ලබාගැනීමට සුදානම් බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ වෛරී ප්‍රකාශන හදුනාගැනීමට ෆේස්බුක් ආයතනය AI තාක්ෂනය භාවිතා කිරීමට කටයුතු කරන බවත් Messenger සංවාද යෙදුමෙහි පණිවිඩය Forward කිරීමට ඇති හැකියාව සිමා කර තිබෙනවා.

පසුගිය මාස කිහිපයේ ලැබුණු වාර්තා වලින් 65.4% පමණ පෝස්ටු හා ගිණුම් ඉවත්කිරීමට කටයුතු කල බව ඔවුන් සදහන් කරනු ලැබුවා.

 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com