www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තුන්වරක්‌ උත්සාහ කොට දැරියට අතවර කළ ඥාති තරුණයා පොලිස් දැලේ!


2019-06-21 12:47:11 -  488 යි

දාහතර හැවිරිදි පාසල් සිසුවියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියකට සම්බන්ධ දහනම හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බැව් ඉමදුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අපයෝජනයට ලක්වූ දැරියගේ මවගේ සහෝදරියකගේ පුත‍්‍රයකි. මෙම සිද්ධියන වන අවස්ථාවේ දැරියගේ මව හා සහ සැකකාර තරුණයාගේ මව සති පොළට ගොස් ඇත. එම අවස්ථාවේ සැකකරු දැරියගේ මවගේ මහගෙදරදී ඇය බරපතළ ලෙස අපයෝජනයට ලක්කොට ඇති බැව් පොලිසිය පවසයි.

සැකකාර තරුණයා මෙකී දැරිය නිවසේ සිටින අවස්ථාවේ පළමුව දැරියගේ නිවසට ගොස් ඇය අපයෝජනයට ලක් කිරීමට උත්සාහ කොට ඇත. එම අවස්ථාවේ දැරියගේ නංගිලා නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේ සැකකරු දිවගොස් ඇත. පසුව දැරිය දියනෑමට ළිඳට ගොස් ඇත. එම අවස්ථාවේදීත් සැකකාර තරුණයා එම ස්ථානට පැමිණ තිබේ. පසුව දැරිය තම පුංචි අම්මාගේ නිවසට ගොස් ඇත. එම අවස්ථාවේ සැකකාර තරුණයා නිවසට ගොස් දැරිය බරපතළ ලෙස ලිංගිකව අපයෝජනයට ලක්කොට ඇති බව පොලිසිය පවසයි.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යරයකු වෙත යොමුකොට ඇති අරත එම පරීක්ෂණයේ දී දැරිය අපයෝජනයට ලක්ව ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි. සැකකාරු 16 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ඉමදුව පොලිස් ස්ථානාධිපති උපුල් කුමාර, පො.සැ (43680* ජයලත් යන නිලධාරීහු සහ කා.පො.කො (8717* දිනුෂා නිලධාරිණිය සැකකරු අත්අඩංගුවට ගත්හ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com