www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පියා සිය දියණියට අතවර කළැයි ඇයගේ සුළු මව පොලිසි යයි....


2019-06-21 12:39:27 -  245 යි

ඒ. යූ. ගුණපාල - හලාවත අධිකරණ
 
 තම බාලයස්‌කාර දියණිය ලිංගික අපයෝජනයට ලක්‌ කරන ලද පියෙකු හලාවත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
 සැකකරු ධීවරයෙකි.
 
 වයස අවුරුදු 14 යි මාස 8 ක්‌ වයසැති දැරිය ඇයගේ සුළු මව සමග හලාවත පොලිසියට පැමිණ සිද්ධිය පැමිණිලි කර ඇත.
 
 තමන් සුළු මව පියා සොයුරා සහ සොයුරිය සමඟ ජීවත්වන බවත් 9 වැනි වසරේ අධ්‍යාපනය ලබන බවත් පොලිසිය ඇයගේ ප්‍රකාශයක්‌ සටහන් කර ගැනීමේදී කියා ඇත.
 
 එදින රාත්‍රී පියා හැර නිවසේ අනෙක්‌ අය සමග ආහාර ගත් බවත් එවෙලේ පියා මත්පැන් පානය කරමින් සිටි බවත් තමා රාත්‍රි ආහාර ගැනීමෙන් පසු තම කාමරයට පැමිණ නිදාගත් බවත් ඇයගේ ප්‍රකාශයේ දැක්‌වේ.
 
 මෙවෙලේ පියා තමා ළඟට පැමිණ අතවර කරන අතරතුර සුළු මව පැමිණ පියාට බැණ වැදී ආරවුලක්‌ ඇතිවූ බවද එම ආරවුලදී පියා නිවසින් පිටව ගිය බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 
 දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා ඇයගේ සුළු මව භාරයේ හලාවත මහ රෝහලට ඇතුල් කර ඇති පොලිසිය වැඩිදුර විමර්ශන කරගෙන යයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com