www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තහනම් සංවිධානයක සාමාජිකත්වය ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට


2019-06-16 15:58:53 -  303 යි

තහනම් සංවිධානයක සාමාජිකත්වය ගෙන සිටි පුද්ගලයෙකු වැලිමඩ ප්‍රදේශයේ නිවසක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම පුද්ගලයා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ දේශනවලට ද සහභාගි වී ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. 

21 හැවිරිදි මෙම තරුණයා බදුරියා මාවත, සිල්මියාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු දැනට මාදම්පේ ප්‍රදේශයේ අරාබි පාසලක අධ්‍යාපන හදාරන බව සඳහන්. 

සැකකරු අද වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com