www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රාජගිරියේ ඇලකින් බුද්ධ ප්‍රතිමා 12 ක් හමුවෙයි


2019-06-16 14:18:45 -  131 යි

රාජගිරිය, ලේක් ඩ‍්‍රයිව්හි ඇල මාර්ගයක ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල නිරත සේවකයින් පිරිසකට එම ඇල මාර්ගයට දමා තිබූ බුද්ධ ප්‍රතිමා 12 ක් හමුවී තිබෙනවා. ඊයේ (15) දිනයේදී එම ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වල නිරතව සිටියදී මුලින්ම බුද්ධ ප්‍රතිමා 08 ක් හමුවී ඇති අතර පසුව තවත් ප්‍රතිමා 04 ක් සොයා ගෙන තිබෙනවා.

පසුව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු පිරිසක්ද එම ස්ථානයට වැඩම කළ අතර එහිදී උන්වහන්සේ කියා සිටියේ බෞද්ධයින්ට කිසිසේත්ම මෙවැනි අපරාධයක් සිදු කළ නොහැකි බවත්, මෙය හිතා මතාම යම් කිසි පිරිසක් විසින් සිදුකරන ලද ක්‍රියාවක් බවත්ය. එසේම මෙය මුල් කරගනිමින් රට පුරා විශාල ප්‍රශ්න රැසක් ඇතිවිය හැකිබවද උන්වහන්සේ සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නාරාහේන්පිට පොලිසිය ප්‍රකාශ කරන අතර ඇල මාර්ගයේ තවත් බුද්ධ ප්‍රතිමා තිබේද යන්න පිළිබඳව සොයා බලන බවයි පොලිසිය සඳහන් කරන්නේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com