www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මිල්හාන් අත්අඩංගුවට ගත්තේ රතු නිවේදනයකින් - ජාත්‍යන්තර පොලීසිය කියයි


2019-06-15 13:03:22 -  120 යි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි එහි ප්‍රධාන නායකයෙකු ලෙස සැලකෙන මොහොමඩ් මිල්හාන් අත්අඩංගුවට ගැනීම සඳහා තමන් රතු නිවේදනයක් නිකුත් කිරීම ද ඉවහල් වූ බව ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසිය පවසනවා. 

ඔහු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඊයේ (14) දිවයිනට රැගෙන එනු ලැබුයේ තවත් සැකකරුවන් 04 දෙනෙකු සමඟින්. 

මොහොමඩ් මිල්හාන් තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සමීපතයෙකු ලෙසයි සැලකෙන්නේ. 

එමෙන්ම, ඊයේ (14) පැවති මාධ්‍ය  හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඔහු වවුනතිව් හිදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවයි.

මෙරට සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය ක්‍රියාත්මක කළ මෙහෙයුමේ කොටසක් ලෙස අදාළ රතු නිවේදනය නිකුත් කළ බව ජාත්‍යන්තර පොලීසියේ මහලේකම් යෝගන් ස්ටොක් ප්‍රකාශ කළා. 

එය ප්‍රහාරයෙන් අනතුරුව කඩිනමින් යොදවනු ලැබූ ඉන්ටපෝල් කණ්ඩායම පරීක්ෂණවලට සහයක් ලෙස ගනු ලැබූ පියවරක්. 

බෝම්බ ප්‍රහාරවල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් මෙරට නීතිය ඉදිරියට පැමිණවීම පරීක්ෂණවල වැදගත් ඉදිරි පියවරක් ද වනවා. 

ඒ සඳහා සහයවීමට හැකි වීම ගැන ගෞරවයක් සේ සලකන බවයි ජාත්‍යන්තර පොලීසියේ මහලේකම්වරයා සඳහන් කළේ.  

රතු නිවේදනය ජාත්‍යන්තර වශයෙන් නීතිය මඟ හරිමින් සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සාමාජික රටවල් අතර සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වන ප්‍රබල මෙවලමක් ලෙස ඔහු හැදින්වූවා. 

ජාත්‍යන්තර පොලීසිය 29 හැවිරිදි ශ්‍රී ලාංකික සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර තිබුණේ අහමඞ් මිල්හාන් හයතු මොහොමඩ් යන නමින්.

මේ අතර, පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පැවැත්වූ තවත් දෙදෙනෙකු යුද හමුදාව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සිදුකළ මෙහෙයුමකදී ඊයේ (14) අත්අඩංගුවට ගනු ලැබුවා. 

ඒ මහනුවර - හිඟුල ප්‍රදේශයේ ඔවුන් සිය නිවෙස්වල සැඟව සිටියදීයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com