www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සිර ගත කර සිටි නාවික හමුදා සොල්දාදුවෙකුට ඇප


2019-06-14 16:11:39 -  105 යි

කොළඹ ස්ථාන කිහිපයකදී තරුණයන් 11දෙනෙකු පැහැගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාවික හමුදා නිලධාරී සංජීව ප‍්‍රභාත් සේනාරත්න නමැත්තා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. 

රුපියල් ලක්ෂ එකහමාරක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් සැකකරු වෙත මෙහිදී නියම කෙරුණු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පවසන්නේ. 

සැකකරුගේ විදේශ ගමන් ද තහනම් කෙරුණා. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස මෙම සැකකරුට තරයේ අවවාදයක් ද සිදු කෙරුණූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com