www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සහරාන්ගේ ෆේස්බුක් මිතුරන්ගේ රහස් නිවාස 7ක් බුද්ධි සේවා මගින් වටලයි


2019-06-13 07:52:11 -  156 යි

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ මහ මොළකරු වන තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් සමග සබ`දතා පැවැත්වූ තමිල්නාඩුවේ මුස්ලිම් අන්තවාදීන්ගේ රහස් නිවාස හතක් ඉන්දීය බුද්ධි සේවා මගින් වටලා ඇත.

තමිල්නාඩුවේ කොයිම්බතුර්හි මෙම වැටලීම් සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය කියයි.

අයිසිස් සංවිධානයට සම්බන්ධ මෙම කණ්ඩායම සහරාන් හෂීම්ගේ මුහුණු පොතේ මිතුරන් බවද හෙළිවී තිබේ. ඉන්දියාවේ ප‍්‍රමුඛතම බුද්ධි සේවාව වන ජාතික විමර්ශන ආයතනය විසින් මෙම වැටලීම සිදු කර ඇත.

ඉන්දීය බුද්ධි අංශ මීට පෙර කේරළයේ මෙන්ම හයිද්‍රාබාදයේ ද වැටලීම් සිදු කර මුස්ලිම් අන්තවාදීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

මොවුන් ද සහරාන් හෂීම් සමග සබඳතා පවත්වා ඇත.

චතුර පමුණුව

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com