www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මාතලේ-කළුදෑවල ප්‍රදේශයේ තිබී යකඩ බටයක් ආධාරයෙන් පුපුරුවා හැරීමට සකස්කර තිබු කාල බෝම්බයක් සොයාගනී.


2019-06-12 22:14:19 -  168 යි

මාතලේ-කළුදෑවල ප්‍රදේශයේ පළමුපටු මගේ පිහිටි පුද්ගලික ඉඩමක තිබී ප්ලාස්ටික් හා යකඩ බටයක් ආධාරයෙන් පුපුරුවා හැරීමට සකස්කර තිබු කාල බෝම්බයක්,ඩෙටනේටර් හතරක්, රතිඤඤා කරල් හයක් ඇතුළු තවත් ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

මාතලේ පොලීසිය පැවසුවේ එම පටුමගේ ගමන්කළ පුද්ගලයෙකු විසින් සැකකටයුතු පාර්සලයක් පිලිබඳ පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවයි. 

හතරැස් යකඩ නළයක් තුල, පුපුරන ද්‍රව්‍ය පුරවා ඩෙටනේටරයක් හා බැටරියක් ආධාරයෙන් පුපුරවා හැරීමට සකස් කර තිබියදීයි මෙලෙස ඒවා සොයා ගෙන ඇත්තේ.

එමෙන්ම මෙහි තිබී ඇම්පියර් 12 බැටරියක්, විදුලි පන්දමක්,රතිඤඤා කරල් හයක් ,ඩෙටනේටර හතරක්, පුපුරන ද්‍රව්‍ය කුඩු කිලෝ ග්‍රෑම් එකක්ද සොයාගෙන තිබෙනවා.

අනතුරුව උකුවෙල යුධ හමුදාවේ විශේෂ කණඩායමක් විසින් අදාල බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට පියවර ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

කෙසේවෙතත් එම පුපුරණ ද්‍රව්‍ය කුමන කරුණක් සදහා ගෙනවිත් දමන්නට ඇතැයිද යන්න මෙතෙක් තහවුරුවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු හෝ අත්අඩංගුවටද ගෙන නැහැ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com